Photobucket

Wednesday, December 12, 2012

නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට

ශක 6 කදී මුහණ දි සිටින දරුණුම අර්බුදයට මැදිව සිටින යුරෝපා සංගමය ට පෙරේදා 2012 සඳහා වන නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ යුරෝපය ,යුදකාමී මහාද්වීපයකින් සාමකාමී මහා ද්වීපයක් බවට පත්කිරිමේ වෑයම වෙනුවෙනි. 

යුරෝපා සංගම් රාජ්‍ය ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් නෝර්වේ හි ඔස්ලෝ නුවර පැවති උත්සවයකදී නෝවිජියානු නොබෙල් කමිටුවේ සභාපති තෝබ්ජොයෙන් ජාග්ලන්ඩ් විසින් යුරෝ නායකයන් තිදෙනකු වන යුරෝපා සංගම් සභාපති වැන්රොම්පියු,යුරෝපා කොමිසමේ සභාපති ජෝස් මැනුවල් බරෝසෝ හා යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති මාටින් ස්කල්ස් වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

යුරෝපයේ යුද වින්දිතයන් මිලියන 80 ක් හා ඉකුත් සිය වසේ පැවති අන්තවාදිත්වය මෙනෙහි කරමින් ජාග්ලන්ඩ් මෙහිදි කියා සිටියේ සාමය පහසුවෙන් ළඟාකර ගත හැක්කක් නොවන බවත් ඒ සඳහා දෛනික අරගලයක නිරත වීමට සිදුව තිබෙන බවත්ය. ඒ සමගම මේ දක්වා ලබා ඇති ජයග්‍රහණයන් අහිමිව යා නොදීමට වග බලා ගතයුතු බවද ඔහු කීවේය‍.

කෙසේවෙතත් යුරෝපය බෙදීම් වලට හා ආර්ථික කප්පාදු කිරීම් වලට එරෙහි ප්‍රචණ්ඩකාරි විරෝධතාවන්ට ගොදුරුව පවතින අවස්ථාවක නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම ගැන ‍නොබෙල් කමිටුව දැඩි විවේචනයටද ලක්ව ඇත. 

එහෙයින් යුරෝපා සංගමය පරිපූර්ණ වුවක් නොවන බවත් යුරෝපය ඉදිරි ගමනක නියැලිය යුතු බවහා යුරෝ ප්‍රජාවට තර්ජනයක්ව තිබෙන අර්බුදයන් සියල්ල විසඳා ගැන්මට ලත් ජයග්‍රහණයන් සුරැකිම හා ගොඩනගාගත්දේ වැඩිදියුනු කළ යුත් බවත් ජාග්ලන්ඩ් කියා සිටියේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all