Photobucket

Wednesday, December 12, 2012

මාතලෙන් හමුවූ ඇට සැකිලි 'ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ'

මාතලේ රෝහල් භූමිය අසලින් හමු වූ මිනිස් ඇට සැකිලි 89-90 භීෂණ සමයේ මරා දැමුණු ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ දැයි සැක මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මිනිස් ඇට කටු විසි ගණනක් පසුගියදා මාතලේ රෝහල් භූමියෙන් හමුවූ අතර ඒවා වැඩිහිටියන්ගේ හෝ දරුවන්ගේ නොව තරුණ පිරිස්වල ඇට සැකිලි බව හෙළිවී තිබෙන බවයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක බීබීසී සංදේශයට කියා සිටියේ.

එමෙන්ම භීෂණ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මාතලේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය "වධකාගාර" වලින් දිවි බේරාගත් පුද්ගලයන් තම පක්ෂයේ සිටින බවද එකල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ලේ සාමාජිකයකු ද වූ සේනාධීර ගුණතිලක පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all