Photobucket

Wednesday, December 12, 2012

ජාතික කොඩියේ සිංහයා වෙනුවට පැන්ඩාවෙක්‌ දමා මුද්‍රණය කළ කාඩ්පත් සමග ජපන් තරුණයා දැලේ

ගල්කිස්‌ස, සේරම් පාර හෝටලයක තාවකාලිකව ළැගුම් ගෙන සිටි ජපන් ජාතික තරුණයකු ළඟ තිබී ශ්‍රී ලංකා ජාතික කොඩිය මුද්‍රණය කර එහි සිංහයා වෙනුවට කඩුව අතින් ගත් පැන්ඩාවකුගේ රුව ඇතුළත් කළ කාඩ්පත් 172 ක්‌ ගල්කිස්‌ස ප්‍රධාන තැපැල් කාර්යාලයේදී ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (10 දා) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි ජපන් ජාතික තරුණයා පසුගිය දෙසැම්බර් 07 වැනිදා ලංකාවට පැමිණ ඇති බවත් මෙවන් කාඩ්පත් 42 ක ලංකාවේ වලංගු රු. 25 මුද්දර අලවා ජපානයට යෑවීමට සූදානම් කළ අවස්‌ථාවේ තැපැල් කාර්යාල සේවක මහතකු ඒ බව පොලිසිය වෙත පැවැසීමෙන් පසු සැකකරු හා කාඩ්පත් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාඩ්පත් ජපානයේ දී මුද්‍රණය කර ලංකාවට රැගෙන ආ බවත් ඒවා නත්තල් සුභ පැතුම් පත් ලෙස ජපානයේ තම හිතවතුන්ට යෑවීමට කටයුතු කළ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත. ගල්කිස්‌ස කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට ස.පො. අධිකාරී ටී. එම්. පී. ජයලත් මහතාගේ අධීක්‌ෂණයෙන් ගල්කිස්‌ස මූලස්‌ථාන පො. පරීක්‌ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. කුමාර නලවංශ, පො.සැ. (41026) ටෙරන්ස්‌a, පො. කො. වරුන් වන (44713) ජයසුන්දර, (44753) µයිසර්, (7668) අමිල (77489) සම්පත් (89205) පුබුදු යන නිලධාරීහු පරීක්‌ෂණ කටයුතු සිදු කරති.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all