Photobucket

Wednesday, December 12, 2012

උසස් පෙළ ප්‍රතිඵල ජනවාරි 30ට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2012 වසරේ විභාග ප්‍රතිඵල ලබන ජනවාරි මාසයේ 30 වනදාට ප්‍රථම නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්ප කුමාර මහතා පවසයි.

උසස් පෙළ 2012 වසරේ ප්‍රායෝගික පරීක්‍ෂණ අවසන් වී ඇති බව ප්‍රකාශ කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රායෝගික ප්‍රතිඵල දෙසැම්බර් 25ට ප්‍රථම ලබාදෙන බවද කීවේය. 

විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් උසස් පෙළ 2012 විභාගයේ ප්‍රතිඵල ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස්වරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all