කතානායකවරයා යම් තීන්දුවක් දීමෙන් පසුව එම තීන්දුව හරිවුවත්
වැරැදිවුවත් එය පිළිගත යුතු බව කතානායක චමල් රාජපක්ෂ මහතා
පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කළේය.
කතානායකවරයා මේ බව සඳහන් කළේ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා
ඔබතුමාගේ නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර
තිබෙනවා. දෝෂාභියෝගයට අත්සන් කළ මන්ත්‍රීවරු ක්‍රියාකර තිබෙන්නේ
ව්‍යවස්ථාවට අනුකූලවයි. මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය නිසා
පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පලුද්දක් සිද්ද වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය
ඉදිරියේ හෑල්ලුවට ලක් කර තිබෙනවා.
කතානායක චමල් රාජපක්ෂ මහතා - ඒ ගැන සොයා බලන්නම්
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා - එතුමා අපේ පාර්ලිමේන්තු
මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි. නමුත් එතුමා නීතීඥ සංගමයේ සභාපතියි. ඒ
අනුවයි එතුමා කටයුතු කළේ. එතුමාට චෝදනා කිරීම වැරදියි.
සජිත් ප්‍රේමදාස මහතා - ස්භාවික යුක්තියේ මූලධර්ම අනුගමනය කරමින් අපි කටයුතු
කරන්නට ඕන.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා:- ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ,
යෝජනා ඉදිරිපත් කළාම මාධ්‍යයත් ගතයුතු ක්‍රියාමාර්ග තිබෙනවා.
විනිශ්චයකරුවෙක් පිළිබඳ චෝදනා තිබෙනවනම්, ඒ චෝදනා විමර්ශනය කරලා, මේ
සභාව තමයි අන්තිම තීරණය ගන්නේ. එහෙම අවස්ථාවකදී අද මාධ්‍ය විනිශ්චයකරුවන්
සියලු දෙනාටම විශාල ලෙස පහර ගහනවා. සම්පූර්ණ විනිශ්චයකාරවරුන්ටම පහර ගහන
එක නවත්වන්නට තිබෙනවා.
මාධ්‍ය මගින් මේවා විවේචනය කරන එක, නවත්වන්න ඕන. අධිකරණයේ ස්වාධීනත්වය
බලනවානම්, අපි මේ කටයුත්ත පාර්ලිමේන්තුවට සීමා කරමු.
විනිශ්චයකාරවරුන්ට මඩ ගහන එක හෙළා දැකිය යුතුයි. මෙතැන පාර්ලිමේන්තුවයි
අධිකරණයයි අතර හැප්පීමක් නෑ. පාර්ලිමේන්තුව ඝට්ටනයක් ඉල්ලන්නෙත් නෑ.
මෙහෙම පහර ගැසීම විශාල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ අපිට.
අගවිනිසුරුවරිය
ගැනත් විවිධ කතා කියනවා. ස්ථාවර නියෝග (142) යටතේ මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය
සදහන් වෙනවා. විනිශ්චයකාරවරුන්ගේ ගෞරවය මේ සභාවේ අපි ආරක්ෂා කරන්න ඕන.
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ගැන කතා කළා. එතුමාටත් වගකීමක් තිබෙනවා නීතිඥ
සංගමයේ සභාපති හැටියට කටයුතු කරන්නට. මම හිතන්නේ නෑ, වරප්‍රසාද ප්‍රශ්නයක්
මතුකරන්න පුළුවන් කියලා. එතුමට එක කරන්න ඉඩ දෙන්න. නැත්නම් කියයි
නීතිඥවරුන්ටත් පහර ගහන්න හදනවා කියලා.
කතානායක චමල් රාජපක්ෂ මහතා:- කාරකසභාවට විතරයි කතා කරන්නට පුළුවන්. අන්
සියලු දෙනා ඉන් වැළිකී සිටීමයි සදාචාරය. පත්තරවලටත් සදාචාරයක් තිබෙනවා.
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment