- නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක
විජයදාස
රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින්
අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හෑල්ලුවට
ලක් කිරීමක් බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා
පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. එම
නිසා මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වී පියවරක් ගන්නැයිද කථානායකවරයාගෙන්
නියෝජ්‍ය ඇමැතිවරයා ඉල්ලීමක්ද කළේය. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා රීති
ප්‍රශ්නයක් මතුකරමින් මෙසේද කීය. දෝශාභියෝගයේ
චෝදනා පිරික්සීමේ විශේෂ කාරක සභාව පත් කළේ කථානායකතුමායි. මේ කමිටුවට
උත්තරීතරයි කියලා ඔබතුමා තීන්දුවක් දුන්නා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න
කරන්න අභියෝගයට ලක්කරන්නට කාටවත් බැහැ.
විජයදාස රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු
හැටියට ඔබතුමාගේ නියෝග අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්
තිබෙනවා. ඔබතුමා ඒ නියෝග දුන්නේ එදා හිටපු කථානායක අනුර බණ්ඩාරනායක හිටපු
කතානායකතුමාගේ තීන්දුවක් අනුව යමිනුයි. මේ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන්
සිටින විජයදාස රාජපක්ෂ මහතාට ඔබතුමාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් කටයුතු
කරන්න බැහැ.කථානායක චමල් රාජපක්ෂ මහතා -
මා ඒ ගැන සොයා බලන්නම්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා,
විජයදාස රාජපක්ෂ මහතා නීතිඥ සංගමයේ සභාපති. එතුමා මේ කටයුත්තට යොමු වෙලා තියෙන්නේ මන්ත්‍රීවරයකු විදිහට නොවෙයි. නීතිඥ සංගමයේ සභාපති ලෙස මේ කරපු දේ වරදක් නොවෙයි.
සජිත් ප්‍රේමදාස මහතා,
ස්වාභාවික යුක්තිධර්මයේ මූලධර්ම අනුව ඔබතුමා කටයුතු කරන්න.
කථානායක - ඔබතුමාට අදාළ නැති ප්‍රශ්න ගැන කතා කරන්න බැහැ.
සජිත් ප්‍රේමදාස මහතා - ස්වාභාවික යුක්තිධර්මයේ මූලධර්ම අනුව ක්‍රියාකරන්න. පැමිණිල්ල දාපු අයටම එය විභාග කරන්න බැහැ.
කථානායක - මා දැන් කිව්වනේ කතානායකවරයා තීන්දුවක් දුන්නම හරි හෝ වැරදි ඒක පිළිගත යුතු වෙනවා.
ලසන්ත වීරකුලසූරිය, රමේෂ් වරල්ලෙගම
ලක්බිම ඇසුරින් පලකරන ලදී.








0 comments:
Post a Comment