බලපිටිය ආඳාදොළ දුම්රිය ස්ථාන දෙක අතරදී ඊයේ (4) උදේ 6.45ට පමණ කොළඹ බලා ධාවනය
වෙමින් තිබූ ශීඝ්‍රගාමී සාගරිකා දුම්රියට බෙල්ල තැබූ පුද්ගලයෙකු එම
ස්ථානයේදීම මිය ගිය බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ කහව ඩෙන්මාර්ක් ජනපදයේ පදිංචි අරුමාහන්දි
සරත් චන්ද්‍ර (50) නමැති අයෙකි.
මිය ගිය පුද්ගලයා කහව ප්‍රදේශයේ සිට බලපිටිය
ආඳාදොළ දුම්රිය ස්ථානය අසලට පැමිණ ශීඝ්‍රගාමී සාගරිකා දුම්රියට බෙල්ල තබා ඇති
බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
දිලිප් නිශ්ශංක බලපිටිය සමූහ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment