රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරියෙකු යට කර පලා ගිය බව කියන පුද්ගලික බස් රථයක් අත්අඩංගුවට ගැනීම සඳහා
පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාන්කුලම පොලීසිය කියයි.
ඊයේ( 04)රාත්‍රී 10.00
ත් 1.00 ත් අතර කාලය තුළ ඒ 9 මාර්ගයේ මුරුන්කන් දේවාලයට ආසන්නයෙන් 235 වැනි
සැතපුම් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරට ලක්වූ මාන්කුලම
පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 74213 නිශ්ශංක (28) යන අය මිය
ගොස් ඇති බවද පොලීසිය කියයි. මිය ගොස් ඇති නිළධාරියා තවත් නිළධාරීන් කීප
දෙනෙකු සමග රථවාහන රාජකාරියේ නිරතව සිට ඇත.ඒ අතර තුර මෙම අනතුර සිදුවී ඇති
බවත් අනතුරට සම්බන්ධ බස් රථය පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි. මාන්කුලම
පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment