රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් සමාජය සංවිධානය කරන රිච්මන්ඩ්, නාලන්දා හා
තර්ස්ටන් විදුහල් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා තුන්කොන්
ක්‍රිකට් තරගාවලිය මේ මස 8-9 දෙදින තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
පැවැත්වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ රිච්මන්ඩ්, නාලන්දා හා තර්ස්ටන්
විදුහල්වල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි
වෙති.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ
එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ ඉහත විදුහල්වල විදුහල්පතිවරුන් හා සංවිධායක
මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තරගාවලියෙන් ලැබෙන ආදායම රිච්මන්ඩ්
විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා යොදාගන්නා බව එහි දී
තරගාවලියේ සත්කාරක රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.එස්. ඒකනායක
මහතා සඳහන් කළේය.
දෙවැනි වරට පැවැත්වෙන මේ තරගාවලියට අවුරුදු 40න් ඉහළ ආදි සිසුන් සඳහා
විස්සයි20 තරගාවලියක් ද ඇතුලත් වේ. එය චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය
සඳහා පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය කතානායක චමල් රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් ද, සමාප්ති උත්සවය සහ ත්‍යාග ප්‍රදානය ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරේ පැවැති මංගල තරගාවලියේ “ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග
කුසලානය” දිනා ගත්තේ සත්කාරක තර්ස්ටන් විදුහලයි.
තරග කාල සටහන
19න් පහළ තරගාවලිය - දෙසැ.7දා- පෙරවරු 9.00- රිච්මන්ඩ් - තර්ස්ටන්, පස්වරු
2.00- නාලන්දා - තර්ස්ටන්, දෙසැ. 8දා - පෙරවරු 9.00- නාලන්දා - රිච්මන්ඩ්, පස්වරු
2.00 – අවසන් මහා තරගය
40න් ඉහළ තරගාවලිය – දෙසැ. 7දා- පෙරවරු 9.30-නාලන්දා - රිච්මන්ඩ්, පස්වරු 2.30-
තර්ස්ටන් - රිච්මන්ඩ්, දෙසැ. 8දා - පෙරවරු 9.00 – තර්ස්ටන් - නාලන්දා
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment