වැලිමඩ
නුවරඑළිය මාර්ගයේ පුද්ගලික බස් රථ (04) දහවල් සිට වර්ජනයක නිරත වන අතර
අද දිනයේ එම මාර්ගයේ සියලුම පුද්ගලික බස් වර්ජනයට එක්වී තිබේ.මධ්‍යම පළාත්
මාර්ගස්ථ මගී ප්‍රවාහන අදිකාරිය විසින් නුවර එළිය සිට හග්ගල හරහා රේන්ද
පොළ දක්වා අලුතින් ධාවන බලපත්‍ර අටක් නීතිවීරෝධීව නිකුත් කර තිබීම මේ
වර්ජනයට හේතුවයි.
වැලිමඩ නුවරඑළිය මාර්ගයේ අඩක් ගිය තැන රේන්දපොළ පිහිටා
තිබෙන අතර ධාවනය වන සම්පූර්ණ දුර ප්‍රමාණයෙන් අඩකට මාර්ග බලපත්‍ර නිකුත්
කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව බස් ධාවකයින් පවසයි. ප්‍රශ්නය අද දින
නොවිසදුනහොත් අනෙක් ප්‍රදේශවල බස් රථද ධාවනයෙන් ඉවත් කරන බව ඔවුන් පවසයි.
විරාජ් ප්‍රනාන්දු-බන්ඩාරවෙල
ලක්බිම ඇසුරින් පලකරන ලදී.









0 comments:
Post a Comment