Photobucket

Wednesday, December 5, 2012

මහ මුහුදේ සුළං බලාගාරයක්

ශ්‍රී ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ නව පෙරැළියක් ඇති කළ හැකි සමුද්‍රීය සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යනයක් සඳහා වූ විශේ්ෂඥ පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ශ්‍රී ලංකාවේ දකුණු පළාත් වෙරළ කේන්ද්‍ර කොට ගෙන ජාත්‍යන්තර වාණිජමය මධ්‍යස්ථානයක් ආරම්භ කොට එය සංවර්ධනය කරමින් අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීම මේ විශේෂඥ පිරිසේ අරමුණයි.

මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සමුළුවක් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර ඇතුල් කෝට්ටේ පාරේ සිංහ සමාජ ශාලාවේදී පැවැති අතර එම අවස්ථාවට සහභාගි වූ ජර්මනියේ (තාගු) සමාගමේ සභාපති ජේන්ස් ඩයික්මන් මහතා කීවේ මේ සමුද්‍රීය සුළං විදුලි බල ව්‍යාපෘතිය මෙරට ආරම්භ කළහොත් මෙරටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණයෙන් වැඩි කොටසක් එමඟින් නිෂ්පාදනය කරගත හැකිවන බවයි.

මේ වන විට එංගලන්තය, ස්කොට්ලන්තය, තුර්කිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, චීනය වැනි රටවලට මෙවැනි සමුද්‍රීය සුළං විදුලිබලාගාර පිහිටුවා සාර්ථකව විදුලි බලය නිපදවන අතර ශ්‍රී ලංකාවේද මෙවැනි බලාගාරයක් පිහිටුවීමෙන් ලැබිය හැකි ප්‍රතිඵලය ඉහළ බවයි.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් ආපදා කළමනාකරණ කටයුතුªද විධිමත් වන අතර එමගින් රැකියා අවශ්‍යතා දහසක් සපුරාලිය හැකි අතර මෙරට සමුද්‍රීය සුළං විදුලි ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීම ද මෙහි අරමුණ බව මෙහිදී අනාවරණය විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත් කොටගම මහතා - නොයෙකුත් සංවිධාන මෙරට විවිධ අන්දමේ ව්‍යාපෘති ආරම්භ කරනවා. සමහර ව්‍යාපෘති නඩත්තු නොකොට අතරමග නතර කර දමා යනවා පමණක් නොවෙයි ඒවායින් අපේ රටේ පරිසරයට ද හානි පැමිණෙනවා.

මේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂඥ මහත්වරු පළ කළ අදහස් අනුව මෙය ජාතික වශයෙන් මෙරටට ගැළපෙන ව්‍යාපෘතියක් මෙන්ම රටේ ආර්ථික වර්ධනයට ද යහපතක් විය හැකි ඵලදායි වැඩපිළිවෙළක් විය හැකිය. තාගු සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු නිමල් ද සිල්වා, ෂීරෝ කාබන් මෙරින් ලිමිටඩ් අධ්‍යක්ෂ පීටර් ක්‍රෝන්, මයිකල් හන්ට්‍රින් පර්ඩ් හා රුවන් හරිශ්චන්ද්‍ර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all