Photobucket

Wednesday, December 5, 2012

අම්පාරේ ප්‍රදේශ කීපයක පෙරේදා සුළු භූ චලන

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වඩිනාගල, පල්ලන්ඔය සහ කිවුලේගම ආදී ගම්මාන රැසක පෙරේදා (03 දා) රාත්‍රියේ සුළු භූ චලන කීපයක්‌ සිදුව ඇති බව ගම්වාසීහු පැවැසූහ.

මෙහි විශේෂත්වය වනුයේ මීට ඉහත සිදුවූ භූචලනවලට වඩා විශාල වශයෙන් ශබ්දය ඇසීමක්‌ වූ බව පවසන අතර කිසිදු අලාභ හානියක්‌ වාර්තා වී නොමැත. මේ සම්බන්ධව අප කළ විමසුමකදී භූ විද්‍යා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය විජයනන්ද හේරත් මහතා ප්‍රකාශ කරනු ලැබුවේ මෙම භූ චලන ඔවුන්ගේ භූ චලන මාපකවල සටහන් වී නොමැති බවයි.

අපේ භූ චලන මධ්‍යස්‌ථානයේ කණ්‌ඩායමක්‌ අම්පාර වෙත පිටත්කර යවා ඇති අතර ඒ සම්බන්ධව විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වන අතර භූ චලන හඳුනා ගැනීමට උපකරණ කට්‌ටලයක්‌ මෙම ප්‍රදේශයේ සවිකරන බව පැවැසීය.

ලාහුගල - විශේෂ ගයාන් චින්තක
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all