එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික සේවා අධිකාරිය විසින්
සියළු දිස්ත්‍රික්කයන්හි වෙළඳසැල් පරීක්ෂාවට විශේෂ වැටලීම් කණ්ඩායම් පත් කර
ඇති බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහතා පවසයි.
මේ අතර උත්සව සමයේදී වෙළඳසල් හිමියන් විසින් භාණ්ඩවල මිල ඉහළ නංවා කල්
ඉකුත් වු භාණ්ඩ නැවත ඇසුරුම් කොට විකුණන බවට පාරිභෝගික සේවා අධිකාරියට
තොරතුරු ලැබී තිබේ.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල් පරීක්ෂාවට ලක්කිරීමට පාරිභෝගික අධිකාරියට තමා නියෝග කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හා පාරිභෝගීක නීති උල්ලංඝනය කරන සියළු
වෙළඳසැල් හිමියන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා
වැඩිදුරටත් පැවසීය.
(කොළඹ,ලංකාපුවත්)








0 comments:
Post a Comment