ගොකරැල්ල දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුව
බස් නැවතුම්පොළ ඉදිරිපිටදී, කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ මගී
ප්‍රවාහන පෞද්ගලික බස් රථයක පාපුවරුවේ ගමන් කල මගියෙක් වැටී ජිවිතක්ෂයට
පත්වී තිබේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගයාන් ප්‍රියනන්ද සොයිසා නැමැති ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර මොහු අද(05) දින කුරුණෑගල
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ගොකරැල්ල පොලිසිය සඳහන්
කළේය.
(කොළඹ,ලංකාපුවත්) -








0 comments:
Post a Comment