Photobucket

Wednesday, December 5, 2012

වඩිනාගලින් ඇසෙන අද්භූත ශබ්ද සොයන්න උපකරණ සවි කරති

ඉතා සියුම් ශබ්ද පවා සටහන් වන භූ කම්පන තරංග උපකරණ කිහිපයක් අම්පාරේ වඩිනාගල ස්ථාන කිහිපයක සවි කිරීම අද (04) පස්වරුවේ ආරම්භ කෙරිණ. දිගින් දිගටම අම්පාර, වඩිනාගල ආශ්‍රිත පළාත්වල සිදුවන භූ චලන හා අද්භූත ශබ්ද තරංග හඳුනා ගැනීම මෙහි අරමුණ වී තිබේ. 

 අද පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්‍යංශයේ භූ විද්‍යාඥ ජානක අජිත්ප්‍රේම මහතා ඇතුළු කණ්ඩායමක් වඩිනාගලට පැමිණ නිරීක්ෂණ චාරිකා අරඹමින් භූ කම්පන තරංග උපකරණ සවි කිරීම ආරම්භ ක‍ළහ. දින හතරක් මෙම කණ්ඩායම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය. මාස දෙකක පමණ කාලයක් සිට අවස්ථා 27 දී භූ චලන සහ පිපිරීම් හඬ නැගී ඇත. ඉන් එක් අවස්ථාවකදී 2.29ක භූ චලනයක් පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථානයේ සටහන් වී තිබේ. ඒ මෙමස 01 වැනිදා ය. 

මෙම භූ චලන හා අද්භූත ශබ්ද පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයන් හමු වී තොරතුරු විමසීම හා කිසියම් සංවර්ධන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතීද යන්න ගැන සමීක්ෂණ කණ්ඩායම විසින් සොයා බලනු ඇත. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ සහයද ලබා ගැනීමට නියමිතය. ඊයේ (03) රාත්‍රි 8.19 ට පමණ එවැනි අද්භූත හඬක් යළි ඇසී තිබේ. එම ශබ්දය හේතුවෙන් හිටගෙන සිටි පුද්ගලයන්ගේ සිරුරු දෙදරුම්කෑ බවක් අසන්නට ලැබුණි.
 
සමන් මාණික්කආරච්චි (අම්පාර)
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all