Photobucket

Wednesday, December 5, 2012

ලක්‍ෂ දෙසිය විස්සක මූල්‍ය චෝදනා

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු එම්.ඩබ්ලිව්.සිංහරත්න බණ්ඩාර මහතා තීරණය කර ඇත. 

  වැඩ තහනම් කිරීමෙන් අනතුරුව ගණකාධිකාරිවරයා භාරයේ තිබූ ලිපි ලේඛණ හා භාණ්ඩ සියල්ලම වහාම පළාත් සංවර්ධන අධිකාරියට බාර දෙන ලෙසටත් වර්තමාන සාමාන්‍යාධිකාරි වරයාගේ අනුමැතියකින් තොරව විදේශ ගතවීමත් උතුරුමැද පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාතේ සෙසු ඉංජිනේරු කාර්යාල වලට ඇතුල්වීම ගණකාධිවරයාට තහනම් කර ඇත‍. මැදවච්චිය ඇටඹගස්කඩ මාර්ගයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්‍ෂ දෙසිය විස්සක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන විමර්ශන දෙපාර්තුමේන්තුවත් රජයේ විගණනකාරි දෙපාර්තුමේන්තුවත් එක්ව සිදු කරන කටයුතු වලට බාධා සිදුවන නිසා ගුණරත්න මහතාගේ සේවය තහනම් කළ බවට සාමාන්‍යාධිකාරි සිංහරත්න මහතා ලිඛිතව දන්වා ඇත.

 මීට අමතරව දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝමීටර් තුනක් අලුත් වැඩියා කිරීමට රුපියල් අටකෝටි අසූඅට ලක්ෂයක් වැය වීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතර උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරි සෙනරත් පුෂ්පකුමාර මහතාගේ සේවය මීට දින කිහිපයකට ප්‍රථම තහනම් කරන ලදී. 
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all