Photobucket

Wednesday, December 5, 2012

පුත්තලම - හලාවත දුම්රිය ලෙඩ වෙයි

ගමනා ගමන සපුරාම ඇණ හිටී
පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයේ මංගළඑළිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා මංගළඑළිය - සින්නපාඩුව මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.මංගළඑළිය දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ මංගඑළිය - සින්නපාඩුව මාර්ගයට ආසන්නයෙනි. කොළඹ සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ මෙම දුම්රිය නැවතත් සවස 5.00 ට කොළඹ බලා පිටත් වීමට නියමිත තිබුණි. මේ හේතුව නිසා පුත්තමේ සිට කොළඹ බලා සවස ගමන් කිරීමට නියමිත මගීන්ද අපහසුතාවයකට පත්ව ඇත. පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් කරණ දුම්රිය ඇන්ජින් නිතර කාර්මික දෝෂ වලට ලක්වන බව මීට පෙරද අපි අනාවරණය කර තිබුණි.

ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all