Wednesday, December 5, 2012

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සියලුම දුම්රිය අද සාමාන්‍ය පරිදි

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවට අයත් සේවකයන් ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. 

 ඒ අනුව අද සියලුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.

 ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ,ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව් එන්. ජානක ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සමඟ ඊයේ (4 ) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් පසුව මෙම එකඟත්වයට පැමිණ තිබේ.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම හා අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙම වර්ජනය පිළිබඳව වැටුප් කොම්ෂමේ නිලධාරින්ට දුරකතනයෙන් කතා කර දැනුවත් කළේය.

මේ අනුව අදාළ ගැටලුවට අවශ්‍ය විසඳුම් පොරොන්දු වූ ආකාරයෙන්ම ලබා දීමට ඇමැතිවරයා පොරොන්දු වූයේය. දුම්රිය දෙපාර්තමේන්තුව සකස් කළ ආයතන ව්‍යුහයේ පෙළගැස්මට වැටුප් කොමිසම එකඟත්වය පළ කර ඇති බවත් ඉදිරි කටයුතු කඩිනමින් ඉටුකර දෙන බවටත් මෙහිදී ලේකම්වරයා ද පොරොන්දු විය‍
ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිකයන් සදහා නිර්දේශිත එම්.පී. 1 සහ 2 කාණ්ඩයේ වැටුප් තල ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය සංවිධාන කළ බවත්, ඒ පිළිබඳව පැය 48 ක් තුළ වැටුප් කොම්සම සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට එකඟ වූ නිසා වර්ජනය පැය 48 ක් කල් දැමු බවත් එම එකමුතුවේ කැඳවුම්කරු ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 

ශීලා උඩුවර
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all