Photobucket

Friday, November 16, 2012

ලෝක විනාශය සිදුවෙනවාද

ලෝක විනාශය පිළිබඳව ආන්දෝලනයකට තුඩු දී ඇති කතා ප්‍රවෘත්තීන් පුවත්පත් මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජයට ගලා ඒමේ ප්‍රවණතාවක් මෙම කාලය තුළ උග්‍ර අන්දමින්  සිදුවෙමින් පවතී.

මායා ශිෂ්ටාචාරය නමින් හඳුන්වන පෙර පැවැති ජන වාර්ගිකයන්ගෙ දින දර්ශනය ක්‍රි. ව. 2012.12.21 දිනෙන්  ඉදිරියට සඳහන් නොවි තිබිම හේතුවක් ලෙස ප්‍රධාන තේමාව වශයෙන් සැලකිල්ලට භාජනය වී ඇත. මෙම භීතිය දේවාත්මවාදීන්  තුළින් කරනු ලබන ප්‍රචාරයක් වන අතර බටහිර  ලෝකය ඉක්මවා නැගෙනහිර ලෝකය ආක්‍රමණය කිරීමට තරම් බලවත් බවත් එහි තුළ ඇත. මෙම හෙයියම්මාරුව බලපාවිද නැද්ද යන අවිනිශ්චිත තැන මානව වාර්ගයා රඳවා තබා ඇති සැටියෙන් සිත් තුළ භීතිය ජනිත කර වීමට තරම් හේතු මතු කරයි.
dead

මායාවරුන් දියුණු මානසිකත්වය  උරුම වී තිබූ ජන කොට්ඨාසයක් වශයෙන් සැලකිය හැකි බවත් එම ශිෂ්ටාචාරය සම්බන්ධ විවිධ ඓතිහාසික මූලාශයන් කෙරෙහි නැඹුරුවන මෙකල ඇත්තෝ පිළිගැනීමට යොමුවීම මෙම මතවාදය වර්ධනය වීම සිදුවී ඇත. පසුගිය කාල වකවානුව තුළ මනඃකල්පිත ලෝක විනාශයක් කෙරෙහි නිර්මාණය කරන ලද බටහිර චිත්‍රපටවල ඇතුළත් කර තිබූ දර්ශනයන් උපුටා දක්වමින් මෙම මාධ්‍ය විග්‍රහය මිනිසා තුළ භීතිය උපරිම වශයෙන් ජනිත කරවන ආකාරයකින් ප්‍රදර්ශනය කර ඇති බව පැහැදිලි කරුණකි.

එවැන්නක් සිදුවුවහොත් ඉන් ගැලවිය හැකි විවිධ මානසික තත්ත්වයන් උදෙසා ගැළපෙන නිවාස ස්ථාන උපකරණ භාවිත ආදිය සම්බන්ධයෙන් වෙළෙඳ ව්‍යාපාරික ලෝකය ප්‍රචාරය කරමින් මිනිසාට නොදැනෙන ලෙස සූරාකෑමකට කොටු කර ගැනීමේ කාර්යභාරයකට ප්‍රවිෂ්ඨවී ඇත. ලෝක විනාශය දඩමීමාකර ගනිමින්  හොඳ ආර්ථික  ප්‍රවේශයක   උපරිම ලාභ ප්‍රයෝජනයන්ට මාර්ග තනා ගැනීමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට බටහිර වාණිජ  ලෝකය පිවිස ඇති අතර අපේ ඇත්තෝ ඊට මාර්ග සකස්කර ගනිමින් ඒ සූරාකෑමට අනුබලය ලබාදෙයි.
dead
‍ජ්‍යොතිෂ් ශාස්ත්‍රීය කරුණු තුළින් මේ ගැන සැලකීමේදී පඨවි, ආ‍පෝ, තේජෝ, වායෝ, ආකාශ යන  පංචවිධ භූත ශක්තීන්ගේ විෂමවීම තුළින් එවැන්නක් සිදුවිය යුතුය. නැතහොත්  ග්‍රහ වස්තුවක් මාර්ගය වෙනස් කරමින් පැමිණ පෘථිවිය හා ගැටීමකට බඳුන් විය යුතුය. නැතහොත් භූ පැවැත්මේ අවසානයක් සනිටුහන් වීමද ඊට අයත් විය හැකිය. මීට වර්ෂ 1972949113 කට ඉහත සිදුවී ඇති ලෝක විනාශයෙන් පසු නැවත නිර්මාණය වීමෙන් සිදුවී ඇති බවට ‍ජ්‍යොතිෂ් ශාස්ත්‍රය සාක්ෂි දරයි. එම පැවැත්ම සන්ධිස්ථාන 15 මනු 14ක් වශයෙන් කාල පරාසය 4320000000 ක් වශයෙන් දක්වා ඇත. එයින් දැනට අපි ඉහත දක්වා ඇති කාල පරාසයක් ගෙවා දමා ඇත.

පෘථිවිය මත හට ගන්නා භූ චලන ආදී විවිධ කම්කටොලුවලට මුහුණ පෑමේ ශක්තිය ඔරොත්තු දෙමින් මතෛක් පවත්වාගෙන යන අතර මතුවටද ඒ අයුරින් ලොව පැවැත්ම රඳා පවතින බව විශ්වාස කළ හැකිය.
බෞද්ධයන් වශයෙන් සැලකීමේදී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ ශාසනය අවසන් වීමෙන් මෙම ලෝක පැවැත්ම අවසන්වන බව ධර්මයෙහි සඳහන්වේ. ඒ ගැන විමසිලිමත් වීමේදී මේ පවතින භධ්‍ර කල්පය මෑත යුග අතර සිදුවීමකට නුපුළුවන් බවද තවත් කරුණකි. ඒ ගැන විස්තරාර්ථයෙන්  දැන ගැනීමට අපේ ත්‍රිපිටක ධර්ම ‍පොත පත කෙරෙහි  විමසිලිමත්වීමේදී පැහැදිලි වන කරුණකි.

එසේම ලෝක විනාශයක් සිදුවීම හදිසි වශයෙන් නොවන අතර ඊට  පූර්ව නිමිති මෙම ලොව තුළින් දකින්ට ලැබෙන්න සලස්වන බැවින්ද මේ මායාවරුන්ගේ දින දර්ශනය දක්වන දින ලෝක විනාශයට හේතුවක් කර ගනිමින් භීතියකට පත් නොවිය යුතු බව පෙනේ. බටහිර වාණිජ ලෝකයේ ක්‍රියා මාර්ග තුළ අපි දැනුම්වත් වී සිටීම යහපත්වේ.
 
‍ජ්‍යෙතිර්වේදී ම.ලි. සුගතපාල
ලක්බිම පුවත් පත ඇසුරින් පල කරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all