Photobucket

Sunday, March 3, 2013

එජාපයේ දෙවැනි පුටුව අහෝසි වෙයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය අහෝසි කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

එජාපයේ නියෝජ්‍ය නායක ධුරයෙන් පක්‍ෂ නායකත්වයට සහ පක්‍ෂයට අවශ්‍යවූ කාර්යභාරය නිසි පරිදි සිදු නොවීම සහ මේ වනවිට එම තනතුරට පුද්ගලයන් කිහිපදෙනකුම පත්වීමට කැමැත්ත පළ කිරීම නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම පක්‍ෂය මෙම තීරණයට එළැඹ තිබේ.

මේ අතර පක්‍ෂයට දැනට දෙවැනි පෙළ තනතුරු අවශ්‍ය නොවන බවද එජාප ජ්‍යෙෂ්ඨයන් සහ පාක්‍ෂිකයන් විශාල පිරිසක්‌ පක්‍ෂ නායකත්වය වෙත කරුණු දක්‌වා තිබීම ද මෙම තීරණයට හේතුවක්‌ බව එජාප ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

එජාපයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාව පත් කිරීමට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලින් කැමැත්තක්‌ තිබුණද එම තනතුරට කිහිපදෙනෙක්‌ ඉල්ලීම තුළින් මතුවූ අර්බුදය හා ක්‍රියාකාරීන්ගේ, පාක්‍ෂිකයන්ගේ විරුද්ධත්වය සැලකිල්ලට ගෙන එම අදහස අත්හැර දැමීමට සිදුවූ බවද ඉහත ප්‍රකාශකයා කීය.

පසුව පක්‍ෂයට නියෝජ්‍ය නායක ධුර කීපයක්‌ ඇති කොට පක්‍ෂ ප්‍රතිසංධාන කටයුතු ඇරඹීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්ව ඇතත් එහිදී එජාප ජ්‍යෙෂ්ඨයන් පිsරිසක්‌ එයද නවතා දමන ලෙස එජාප නායකයවරයාගෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක ධුරය සහ පක්‍ෂයේ වෙනත් තනතුරු කිහිපයක්‌ පිළිබඳ සහ ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීම සඳහා කටයුතු තීරණය කිරීමට එජාප නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන්  (04 වැනිදා) විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමටද නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all