සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට පසුගියදා අමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා
එක්ක ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමේ අනගි අවස්ථාවක් උදාවුණා. එහෙමවුණේ ඔබාමාට වුඩ්ස්
සමග තරග කිරීමේ ආශාවක් ඇතිවුණු නිසයි. තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත
ගොල්ෆ් පිටියේදියි.
හැබැයි මේ අවස්ථාව වාර්තා කිරීම මාධ්‍යයට තහනම් වුණා. ඒ නිසා ජනපතිගේ ආරක්ෂක
තත්ත්වය වැඩි කරලයි තිබුණේ. ඒත් තරගයෙන් පස්සේ දෙන්නම මාධ්‍යයට ඔවුනොවුන්ගේ අදහස්
ප්‍රකාශ කළා. ටයිගර් කියා සිටියේ ජනපති ගොල්ෆ් ක්‍රීඩාවට මෙතරම් දක්ෂ බව දැනගත්තේ
එදා කියලයි. කාගෙත් සිත්ගත්තේ ඔබාමා ටයිගර් වුඩ්ස් ගැන කියපු දේවලුයි.
‘ටයිගර් සෙල්ලම් කරන්නේ මට වඩා වෙනස් විදිහටයි. මම හිතන්නේ අපි දෙන්නට දෙන්නා
පොඩ්ඩක්වත් බයවුණේ නම් නෑ කියලයි. කොහොමවුනත් ඔහු දැන සිටියා මම ඔහුගේ ලෝක
ශ්‍රේණිගතකිරීම්වල තත්ත්වයට අභියෝගයක් නොවන බව.‘ ඔබාමා එහෙමයි කිව්වේ.
හැබැයි තරගයෙන් දිනුවේ කවුද කියන එකනම් කාටත් රහසක් වුණා.
0 comments:
Post a Comment