Photobucket

Sunday, March 3, 2013

තුවාලකරුවන් ‍ගෙනගිය වාහනය බෝම්බයකට හසුව 10ක් මියයති

උතුරු ඇෆ්ගනිස්තානයේ කුනාර් පළාතේදී පෙරේදා මාර්ගාසන්න බෝම්බයක් පි‍පිරීමෙන් පොලීසියේ 8 දෙනකු ඇතුළුව පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

පාකිස්තානයේ අරගලකාරී ප්‍රදේශයට මායිම් වූ ඩැන්ගම් දිස්ත්‍රික්කයේ දී පුපුරා ගිය ‍මේ බෝම්බයට ගොදුරු වූ වාහනයේ ඊට කලින් මාර්ගාසන්න‍ බෝම්බයකට ගොදුරුව තුවාල ලබා ජීවිතය බේරුණු පොලිස් නිලධාරින් සිවුදෙනකු ප්‍රතිකාර සඳහා ගෙන යමින් තිබුණු බව දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

තුවාල ලැබ තිබූ සිවුදෙනා මාර්ගයේ යන වාහනයක පටවා ආසන්න සායනයක් වෙත ගෙනයමින් සිටියදී තලේබානුවන් විසින් අටවන ලද තවත් බෝම්බයකට ගොදුරුව තිබේ. එම වාහනයේ සිටි අතිරේක පොලිස් නිලධාරින් සිවුදෙනකු ඇතුළු සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනකු ද ඉන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ආණ්ඩුකාරවරයා පවසා තිබේ. 

වාහනයේ සිටි තවත් කාන්තාවක බරපතළ තුවාල ලබා තිබේ. ප්‍රහාරයේ වගකීම බාරගැන්මක් සිදුව නැති නමුත් එය තලේබාන් ක්‍රියාවක් බව පොලිසිය විශ්වාස කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all