Photobucket

Thursday, November 15, 2012

වේළුවන විදුහ‍ලේ 14 හැවිරිදි හංස ඔලිම්පික් ජිම්නාස්ටික් පුහුණු සංචිතයට

2016 ඔලිම්පික් ජිම්නාස්ටික් පුහුණු සංචිතයේ ක්‍රීඩකයින් හය දෙනා අතරට කොළඹ, වේළුවන විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබන 14 හැවිරිදි කේ. හංස ගයාෂාන් තේරී පත්ව ඇත. හංස ගයාෂාන් තුන්වන ශ්‍රේණියේ සිට ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා යොමුවී ඇති අතර, ජාතික පාසල් බස්නාහිර පළාත් 2011 තරගාවලියේදී දෙවන හා තුන්වන ස්ථානද, 2012 වසරේ දෙවන ස්ථාන දෙකක්ද, තුන්වන ස්ථානයක්ද ලබාගෙන ඇත. 
gurugedara 
2011 සමස්ත ලංකා තරගාවලියේදී දෙවන හා තුන්වන ස්ථානය ලබාගෙන ඇති හංස 2012 වයස අවුරුදු 15න් පහළ සමස්ත ලංකා ශූරයා වෙමින් ප්‍රථම ස්ථාන දෙකක් හා දෙවන ස්ථානයද, තුන්වන ස්ථානයක් ද දිනාගෙන තිබේ. දැනට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ජාතික කනිෂ්ඨ සංචිතය නියෝජනය කරන හංස ගයාෂාන් 2016 ඔලිම්පික් පුහුණු සංචිතයට එක් වී තිබේ. ඒ අනුව ඔහු ජපාන ජාතික ජිම්නාස්ටික් උපදේශක කුගුමයා මුනහිරු මහතා යටතේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවීම් කටයුතු කරනු ලබයි. හංස ගයාෂාන්ගේ එකම බලා‍පොරොත්තුව 2016 ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළු වීම බව පවසා ඇත.
 
ලක්බිම පුවත් පත ඇසුරින් උපුටා ගන්න ලදී. 
gurugedara


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all