Photobucket

Friday, November 16, 2012

රතු වැස්‌ස ගැන පරීක්‌ෂණ අරඹයි

සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
මෙම රතුවැසි ඊයේ (15 වැනිදා) මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා (14 වැනිදා) සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.

මෙම වැසි ජල සාම්පල ඊයේ සවස වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබුණු බවත් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු අද (16 වැනිදා) ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවත් වෛද්‍ය සමරනායක මහතා සඳහන් කළේය.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බව වෛද්‍ය සමරනායක මහතා පැවැසීය. 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් හෙතෙම කීවේය.

ඒ අනුව එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්, දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්‌වීමවත් නොව පිටසක්‌වල ප්‍රහාරයක්‌ ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක්‌ පැවැති ආකල්ප වෙනස්‌ වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.

මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්‌වල ජීවී විශේෂයක්‌ බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්‍ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කළේය.

කේරළයට 2001 වසරේදී ඇදහැළුණු වර්ෂාව පිළිබඳව පරීක්‍ෂණ වාර්තාව නිකුත් කළේ 2012 වසරේ ජුනි මාසයේදීය.

මනම්පිටිය සහ සෙවනගල ප්‍රදේශ වෙත ඇදහැළුණු රතු වැස්‌ස පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌මත වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්‍ෂණ පවත්වයි.

මෙම වැසි මගින් මිනිස්‌ ජීවිතවලට හානියක්‌ සිදුවූ බවට වාර්තා වී නැතැයි ද වෛද්‍ය අනිල් සමරනායක මහතා වැඩිදුරටත් පවසයි.

මෙම zරතුZ වැස්‌ස ඊයේ (15 දා) සවස 3.00 ට පමණ අම්පාර, මොනරාගල මායිම් ප්‍රදේශවලට ඇදහැළු
ලී ඇත.
 
දිවයින පුවත් පත ඇසුරින් පල කරන ලදී .

 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all