හලාල් සහතිකය පිළිබඳව පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක
පැවති සාකච්ඡාවකට එක්‌වෙමින් ඒ පිළිබඳව විකල්ප මත පළ කිරීම
නිසා තමාට මරණීය තර්ජන සහ චරිත ඝාතනයන්ට මුහුණ දීමට සිදුවී
ඇති බව මාධ්‍යවේදියකු වූ අසීස් නිශාර්ඩීන් මහතා දෙමටගොඩ
පොලිසියට පැමිණිලි කර ඇත.
අන්තර් ජාලයේ මුහුණ පොත (Face book) ඔස්‌සේ එල්ල වී ඇති මෙම තර්ජනයන් පිළිබඳව අසීස් නිශාර්ඩීන් මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තමාට එල්ල වී ඇති තර්ජනය සහ විකල්ප මත දැරීමට ඇති අයිතිය පිළිබඳව මේ දක්‌වා උලමාවරුන්ගේ සභාව හෝ මුස්‌ලිම් මීඩියා ෙµdaරමය හෝ කිසිදු මාධ්‍ය සංවිධානයන් අදහස් දක්‌වා නොමැති බවයි.
අසීස් නිසාර්ඩීන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ තමා ශියා මුස්‌ලිම් බැතිමතකු සේ බොරු ප්‍රචාරය කරමින් තමාව මුස්‌ලිම් සමාජයෙන් කොන් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත්ය.
වැඩිදුර පරීක්‍ෂණ සඳහා පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

0 comments:
Post a Comment