ඇහැලියගොඩ ප්‍රදේශයට අයත් ගංඟා ඇළදොළ බොහොමයක් නොමනා ක්‍රියාකලාපයන්
හේතුවෙන් මේ වන විට විනාශ වී ඒවායේ ඇති සුන්දරත්වයට ද හානි සිදුව ඇති අතර
ජනතාවට ඒවා පරිහරණයට ද ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත.
විශේෂයෙන්ම ගංඟා ඇළදොළ ගලා බසින රක්ෂිත ප්‍රදේශයන්හි පිහිටි විශාල ප්‍රමාණයේ
වටිනා වෘක්‍ෂලතාදීන් කපා දැමීම, ඒවා දෙපස කැලෑ වනාන්තර එළිපෙහෙළි කිරීම,
අනවසර වගාවන් යෙදීම, නිවාස ඉදිකිරීම හා අපද්‍රව්‍ය දැමීම වැනි කරුණු නිසා
මෙලෙස ඒවා විනාශ වී යාමේ තත්ත්වයකට පත්ව ඇත.
නැදුරන චිත්‍රාමළඇල්ල, කිරිඅතුල වේවැල්දොළ නැදුරන ඔය, හිදුරංගල ඇල්ල,
කිරිපෝරුව ඇල්ල, මිටිපොල - හෙන්දදොළ විලේගොඩ බිසෝදොළ ඇල්ල වැනි දිය ඇළි
ගණනාවක් මේ තත්ත්වයට දැනටමත් ගොදුරු වී ඇත.
අධික වියළි කාලවලදී මේ දියඇළි සිඳී යාමේ තත්ත්වයක් ද පවතින අතර ස්වාභාවික
පරිසරය විනාශ කිරීම, ගස්කොළන් කපා දැමීම, වනාන්තර කැලෑ එළිපෙහෙළි කිරීම වැනි
මිනිසුන්ගේ නොමනා ක්‍රියාවන් මීට හේතු වී ඇත.
0 comments:
Post a Comment