Photobucket

Friday, March 1, 2013

මාතර නගරයේදී දිනකට ගැහැනු ළමයි විස්‌සක්‌ තිහක්‌ අතවරයට ලක්‌වෙනවා

අද මාතර නගරයේ බොහෝ ලැගුම්හල්වල "කාමරයක්‌ රුපියල් 400 යි" කියා බෝඩ් දමා තිබෙනවා. මේ ස්‌ථානවල අවුරුදු 13-16 වයස්‌වල ගැහැනු ළමයින් දූෂණයට ලක්‌ වෙනවා. දවසකට මේ ස්‌ථානවල ළාබාල ගැහැනු දරුවන් 20 ක්‌ 30 ක්‌ අතවරයට ලක්‌වෙනවායි මාතර මහ නගර සභා රැස්‌වීමේදී නියෝජ්‍ය නගරාධිපති රංජිත් යසරත්න මහතා පැවසීය.

මාතර මහ නගර සභාවේ මාසික රැස්‌වීම නගරාධිපති සොසින්ද්‍රd හඳුන්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය නගරාධිපති රංජිත් යසරත්න මහතා - නගරය තුළ මෙසේ ක්‍රියාත්මක වන රුපියල් 400 ලැගුම් කාමර ක්‍රමය වහාම පරීක්‍ෂා කර නතර කරන්න. මෙයින් නගරය අවලස්‌සන වෙනවා වගේම නගරයට විශාල අවමානයක්‌ ගෙන දෙන නීති විරෝධී විනය විරෝධී අපචාර සිදුවෙනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all