Photobucket

Thursday, January 3, 2013

පින්නවල රාජාට සෙත් සාන්තියක්‌

රඹුක්‌කන පින්නවල යන නම ඇසූ පමණින් ම ඕනෑම අයෙකුගේ සිහියට නැගෙනුයේ අලි අනාථාගාරයයි. දෙස්‌ විදෙස්‌ ඕනෑම සංචාරකයකුගේ නෙත් සිත් පිනවන මෙම අලි අනාථාගාරය පිහිටුවන ලද්දේ 1975 වසරේදී එවකට නාවික හා සංචාරක අමාත්‍යවරයාව සිටි අභාවප්‍රාප්ත පී. බී. ජී. කළුගල්ල මහතා විසිනි.

කැලයේ අතරමං වන කුඩා අලි පැටවුන් සතරදෙනකු රැගෙන විත් මෙම ස්‌ථානයේදී

රැකබලාගෙන පසුව කැලයට මුදාහැරීමේ අරමුණින් ආරම්භ කරන ලද පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට ගැහැනු සතුන් 48 ක්‌ හා පිරිමි සතුන් 33 ක්‌ වශයෙන් අලි ඇතුන් 81 දෙනෙකු සෙවණ ලබති. මෙම පිරිස අතර සිටින දැවැන්තම හස්‌තියා වනුයේ රාජා ය. ඔහු ඉතා අසරණම හස්‌තියා වනුයේ දැසම නොපෙනෙන බැවිනි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ඝන කැලෑව තුළ ශරීරය පුරා වෙඩි වැදී සිටියදී වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙනවිත් පින්නවලට බාර දෙන ලද්දේ 1994.03.29 වන දිනය. 

මොහු රැගෙන එන විට වෙඩි වැදී දැස්‌ අන්ධව තිබුණා පමණක්‌ නොව ශරීරය පුරා වෙඩි පහරවල් විශාල ප්‍රමාණයක්‌ වැදී තිබිණි. මෙසේ වෙඩි ප්‍රහාර ලත් රාජා මෙහි සිටින නිලධාරීන්ගේ හා කාර්ය මණ්‌ඩලයේ අප්‍රමාණ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස රාජාගේ ජීවිතය බේරාගත් නමුත් දැසට පෙනීම ලබා දීමට නොහැකි විය. මේ නිසා අලි අනාථාගාරය නරඹන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙතට කඳුළක්‌ එක්‌ කරමින් එක්‌ තැනකට වී කල් ගෙවීමට රාජාට සිදුවිය. මීට වසර කීපයකට පෙර අනාථාගරයේ සිටින සියලු අලින් දිය නෑවීම සඳහා මා ඔයට රැගෙන යද්දී රාජාට පමණක්‌ අලි අනාථාගාරය තුළ ඉදිකරන ලද විශේෂ තටාකයක දිය නෑමට සිදුවිය. කාලය මෙසේ ගෙවී යද්දී මේ වන විට වයස අවුරුදු 70 ක්‌ පමණ වන රාජා දිනෙන් දින දුර්වල විය. රාජාට ඇවිදීමට නොහැකි වීම, ආහාර හැපීමට නොහැකි වීම, ක්‍රියාශීලී බව පිරිහීම යන කරුණු දිනෙන් දින මතුවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ නිලධාරීහු රාජාගේ ජීවන මගේ අවසන් වකවානුව එළඹ ඇති බව තේරුම් ගෙන මිනිසත් බවේ ගුණ මහිමය මෙය යෑයි ලොවට කියාපාමින් රාජාට සෙත් පතා පිරිත් සඡ්Cඨායනයක්‌ කළේය.

ඉකුත් 30 දින පස්‌වරුවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දළුග්ගල ශ්‍රී බෝධිරාජාරාමාධිපති පූජ්‍ය තල්ගස්‌පිටියේ සෝනුත්තර මංගලගම පිරිවෙන් විහාරවාසී පූජ්‍ය මුතුකණ්‌ඩියේ ඥානාලෝක යන නාහිමිවරුන් ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය 'රාජා' අභියසට වැඩම කොට සෙත් පිරිත් සඡ්Cධායනය කර අනතුරුව පිරිත් පැන් ඉස පිරිත් නූල් බැඳ රාජාට නිදුක්‌ නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ අතර, මෙම අවස්‌ථාවට සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ නොමඳ සහයෝගය ලැබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all