Photobucket

Wednesday, January 9, 2013

නීති විදුහල් නවක සිසු ලියාපදිංචිය කල් දමයි

නීති විද්‍යාලයේ 2013 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් ලියාපදිංචිය සතියකින් කල් දැමීමට එහි විදුහල්පති ආචාර්ය ඩබ්. ඩී. රුද්‍රිගෝ මහතා (08 වැනිදා) තීරණය කළේය.

නවක සිසුන් ලියාපදිංචිය (8 දා) සිදු කිරීමට නියමිතව තිබූ අතර නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් එය මෙසේ කල් දමා ඇත.

නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව, බොදු බල සේනා සංවිධානය ඇතුළු පාර්ශ්වයන් රැසක්‌ නීති ප්‍රවේශ විභාගය හා එහි ප්‍රතිඵල සම්බන්ධව මතුවී ඇති විෂමතාවන් පිළිබඳව දිගින් දිගටම විරෝධය පළ කරමින් බලධාරීන්ට චෝදනා කළ අතර ඊට ඇහුම්කන්දීමක්‌ වශයෙන් නීති විද්‍යාල විදුහල්පතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

නීති ප්‍රවේශ විභාගය සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක්‌ හෝ විෂමතාවක්‌ වෙතොත් ඒ බව හේතු සාධක සහිතව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයට සතියක කාලයක්‌ තුළ හැකි බව නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all