Photobucket

Friday, January 11, 2013

ආබාධිත යොවුන් ක්‍රීඩා උලෙළ මාර්තුවේදී

වෙනස්ම හැකියාවන් සහිත ආබාධිත තරුණ තරුණියන් සඳහා වන දෙවැනි යොවුන් ක්‍රීඩා උලෙළ මාර්තු මාස ශ්‍රී ලංකා යුත් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා තිබේ.

අවුරුදු 20න් පහළ සහ අවුරුදු 20න් ඉහළ ලෙස වයස් කාණ්ඩ දෙකක් ය‍ටතේ පැවැත්වෙන තරගාවලිය සඳහා අවුරුදු 13-29ත් අතර ආබාධිත තරුණ තරුණියන්ට සහභාගිවිය හැකිය.

පුර්ණ දෘශ්‍යාබාධිත, අර්ධ දෘශ්‍යාබාධිත, ශ්‍රවන ඌණතා, බුද්ධිමය ඌණතා, ‍රෝද පුටු සහ විවෘත රෝද පුටු ලෙස අංශ හයකින් ඉසව් ගණනාවක් යටතේ තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය සඳහා අයැදුම්පත් මේ මස 31දිනට පෙර සහකාර අධ්‍යක්ෂ, තරුණ කටයුතු හා සංවර්ධන අංශය, ජාතික තරුණ සේවා සභාව, 65 හයිලෙවල් පාර මහරගම ලිපිනයට යොමුකළ යුතුය.

වැඩි විස්තර තරණ සේවා නිලධාරින්ගෙන්, දිස්ත්‍රික් කාර්යාල මගින් හෝ දු.ක 011 2850997 හෝ 071 3455767 ‍ලබාගත හැකිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all