Photobucket

Saturday, January 12, 2013

මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් අත්අඩංගුවට

මෙරට ලියාපදිංචි නොකළ පිටරටින් ගෙන් වූ ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු සමත් වූහ.ලක්ෂ පහක වටිනාකමකින් යුක්ත මේ ඖෂධ තොගය කොළඹ - 14 ප්‍රදේශයේ ආනයනකරුවකුගේ ගබඩාවක තිබී හමු වූ බව අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවැසුවේය. මීට අමතරව බලපත්‍ර රහිතව ඖෂධ අලෙවි කළ ඔසුසල් 

දෙකක් වටලා රුපියල් ලක්ෂ පහක පමණ ඖෂධ තොග අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන අමිත් පෙරේරා, එල්.ඩී. ඉන්ද්‍රසේන, මහින්ද සිරිකුමාර යන මහත්වරු‍න්ගේ සහභාගිත්වයෙන් මේ වැටලීම සිදු කර තිබේ.මෙරට ලියාපදිංචි නොකළ ඖෂධයක් රට තුළට ගනු ලැබුවේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවත් ඒ පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගන්නා බවත් අමිත් පෙරේරා මහතා පැවැසුවේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all