Photobucket

Wednesday, January 9, 2013

මගීන් 10 ක්‌ සමග බස්‌ රියක්‌ ජලයේ ගසාගෙන යයි

මොණරාගල ප්‍රදේශයට (08 වැනිදා) ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවට හසුවූ මගීන් දසදෙනකු ගමන් ගත් බස්‌ රථයක්‌ ඇතිමලේ ජනපද මාර්ගයේදී ජල පහරට හසුව ගසාගෙන ගොස්‌ තිබේ. ප්‍රදේශවාසීන් එක්‌ව මගීන් බේරාගෙන ඇති අතර බස්‌ රථය ගොඩගෙන නැත.

සුළු තුවාල ලැබූවන් ඇතිමලේ රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර බුත්තල නිවාස 12 ක්‌ හා ඇතිමලේ නිවාස හතක්‌ ජලයෙන් යටවී තිබේ.

මීට අමතරව මාලිගාවිල වැව් බැම්ම කැඩී යැමෙන් වගාබිම් හා පහත්බිම් රැසක්‌ ගංවතුර තර්ජනයට ලක්‌ව ඇත. මේ හේතුවෙන් සියඹලාණ්‌ඩුව, බුත්තල, ඇතිමලේ සහ මාලිගාවිල ගංවතුර තත්ත්වයක්‌ පවතී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all