ශිෂ්‍ය සාමණේර භික්ෂූන් වහන්සේ පස්නමකට කෝටුවකින් පහරදීම හා අපයෝජනයට ලක්කිරීම
සම්බන්ධයෙන් අයගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ
හිමි නමක රත්නපුර මහෙස්ත්‍රාත් චානිමා විඡේබණ්ඩාර මහත්මිය විසින් පෙරේදා (4
වැනිදා) ඇප මත නිදහස් කරනු ලැබුවාය.
මෙසේ ඇප මත නිදහස් කරනු ලැබුවේ අයගම ප්‍රදේශයේ පිරිවෙනක අධිපති බව කියන හිමිනමකි.
මෙම හිමියන් පසුගිය ඉරිදා සිය පිරිවෙනේ ඉගෙන ගන්නා අවුරුදු 05-14 වයසේ සාමණේර හිමිවරුන් පස්නමකට කෝටුවකින් පහරදීම නිසා උන්වහන්සේලා රෝහල්ගත කර තිබිණි. මෙයට අමතරව සැකකාර හිමියන් විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අපයෝජනයක් කළැයි ලද තොරතුරක් මත පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටියහ.

අයගම - ප්‍රේමසිරි විෙ-තුංග
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment