වසර මිලියන ගණනක සිට භූගත පාෂාණ තට්‌ටුවට පහළින් ගබඩාවී ඇති
ජලය ප්‍රයෝජනයට ගත හැකි නම් වසර ලක්‍ෂ ගණනක්
සඳහා එය ප්‍රමාණවත් වන්නේ යෑයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් අංශයේ මාතලේ දිස්‌ත්‍රික් ප්‍රධානි භූ විද්‍යාඥ චමින්ද මොරේගොඩ මහතා පැවසීය.
සඳහා එය ප්‍රමාණවත් වන්නේ යෑයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් අංශයේ මාතලේ දිස්‌ත්‍රික් ප්‍රධානි භූ විද්‍යාඥ චමින්ද මොරේගොඩ මහතා පැවසීය.
භූගත පාෂාණ තට්‌ටුව සහ මතුපිට පස් තට්‌ටුව අතර ඇති ජලය ප්‍රයෝජනයට ගන්නා නමුත් පාෂාණ තට්‌ටුවට පහළින් ඇති ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් නැතැයිද කීය.
ලෝකයේ දියුණු රටවල් මේ වනවිටත් ප්‍රයෝජනයට නොගන්නා ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහා තාක්‍ෂණය යොදාගෙන ඇතත් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අදහසක්‌වත් නැතැයිද කීය.
වැඩි වියදමක් මේ සඳහා යෙදවිය යුතු නමුත් ඕනෑම නියඟයකට මුහුණදීමට නම් පාෂාණ තට්‌ටුවට පහළින් ඇති වසර ලක්‍ෂ ගණනක් ප්‍රයෝජනයට ගත හැකි ජලය ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවද පැවසීය.
මතුපිට පස් තට්‌ටුව සහ භූගත පාෂාණ තට්‌ටුව අතර වැසි කාලයේදී ගබඩා වන ජලය පමණක් ප්‍රයෝජනයට ගන්නා බවත් ඉකුත් දිනවලදී පැවැති නියඟයේදී මෙම ජල මට්‌ටම පහත වැටීම නිසා ජල හිඟයෙන් පීඩාවට පත් වන්නට සිදුවූ බවද පැවසීය.
ඒ මහතා, මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් ආපදා ආරක්‍ෂණ කමිටුව දැනුවත් කිරීම සඳහා මාතලේ හෝටල් පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැති හමුවේදී මෙම කරුණු පැවසීය.
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මහින්ද එස්. යාපා, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්. බී. ගොඩමුන්න, කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ එච්. ඩී. ගොඩකුඹුර, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආර්. කේ. බණ්‌ඩාරනායක යන මහත්වරුද එක්‌වූහ.
- භූ විද්‍යාඥ චමින්ද මොරේගොඩ
මාතලේ විශේෂ
මාතලේ විශේෂ
0 comments:
Post a Comment