Photobucket

Friday, December 21, 2012

ඉන්දීය සිසුවිය සමූහ දූෂණයට ලක්කිරීමට එරෙහි උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර

නවදිල්ලියේ පාසල් බස්රියක දි 23 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධිය ජනතා කෝපය අවුලුවාලීමට හේතුවී ඇති අතර පෙරේදා ඒ සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයක් මැඬලීමට අරගල මර්දන පොලීසියට ජල තුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සිදුව ඇත. මේ අතර නවදිල්ලි පොලිස් ප්‍රධානියාදූෂකයන්ට මරණ දඬුවම දිය යුතු බව ඉල්ලා තිබේ.

ඉන්දීය අගමැති මන් මෝහන්සිං හා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ද මේ දුෂණ සිද්ධිය දැඩි සේ හෙළා දැක ඇත. 

දූෂණයට ගොදුරු වූ භෞත චිකිත්සක ශිෂ්‍යාව හා ඇගේ පෙම්වතා ට දරුණු ලෙස පහරදි බසයෙන් එළියට ඇද දමා තිබුණු අතර මේ සිද්ධිය නිසා කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව ඉන්දියාව පුරා ව්‍යාප්ත කෝපයක් පැන නැගී අතර වීදි විරෝධතාවන්ට ද එය මුල්වි තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන නවදිල්ලි පොලිස් කොමසාරිස් නීරාජ් කුමාර්, වරදකරුවන් ට ජීවිතාන්ත සිරදඬුවම වැනි බරපතලම දඬුවම් ලබා දෙන ලෙස හා දූෂකයන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව කියා තිබේ.

ඉන්දියාවේ දැනටත් ස්ත්‍රී දූෂණයට වසර 10ක උපරිම සිරදඬුවමක් ලබාදෙන අතර මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ මිනීමැරුම් හා රටට එරෙහිව යුද වැදීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් පමණි.

ඉකුත් ඉරිදා සවස මේ ශිෂ්‍යාව දූෂණය කිරීමට සම්බන්ධවූ හය දෙනාගෙන් බසයේ රියැදුරු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි දෙදෙනා සොයා මිනිස් දඩයමක් අරඹා ඇත. 

දිල්ලි මහ ඇමතිනි ෂීලා ඩික්සිට් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා අතර සැකකරුවන්ට එරෙහිව කඩිනම් නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බවය.

මේ සැකකරුවන් නියමිත රාජකාරි වේලාවෙන් පසු පාසල් බස්රිය විනෝද සැරියක් සඳහා යොදාගනිමින් සිටියදි චිත්‍රපටයක් නැරඹීමෙන් පසු බසයක්අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යාව හා ඇගේ පෙම්වතා දැක ඔවුනට බසයට ගොඩවීමට අවස්තාව සලසා දී ඇත. ඉන්පසු ඔවුන් ශිෂ්‍යාවට හිරිහැර කර ඇති අතර ඇය බේරා ගැන්මට සටන් කළ පෙම්වතාට යකඩ පොල්ලකින් පහර දී ඇත. මේ අතර ශිෂ්‍යාව බසයේ පසු පසට ඇදගෙන ගොස් එකිනෙකා වරින්වර ඇය දූෂ්‍ය කොට පසුව දෙදෙනාම බසයෙන් එලියට ඇද දමා පලා ගොස් ඇත.මේ බාලිකාව දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබනඅතර ඇගේ පෙම්වතාවන 28 හැවිරිදි මුදුකාංග ඉන්ජිනේරුවා බරපතල තුවාල සහිතව‍ රෝහල් ගත කර තිබේ.මේ දෙදනා බසයට ගොඩවූ ස්ථානය සම්බන්ධ වීදිය හරස් කරමින් සමහරෙකු විරෝධතා උද්ඝෝෂණ පවත්වා ඇති අතර තවත් පිරිසක් තදාසන්න පොලිසියඅබියස උද්ඝෝෂණ පවත්වා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all