මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වී තිබේ. එය ලබන දහවැනිදා ලබාදීමට
නියමිතය. නොබෙල් කමිටුව ප්‍රකාශ කර ඇති පරිදි යුරෝපා සංගමයට මෙම ත්‍යාගය හිමි වීමට
හේතුව එම සංගමය යුරෝපා කලාපයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් කර ඇති මෙහෙයයි.
ඊට
අමතරව කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි යුරෝපා
සංගමයෙන් සිදුවන සේවය ද සැලකිල්ලට බඳුන් වී තිබේ.
මෙම වසර වෙනුවන් නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමිවන බව පසුගිය ඔක්තෝබර් මාසයේ
දී ප්‍රකාශයට පත්විය. 1901 සිට මෙම ත්‍යාගයට හිමිකම් කියන විසි එක්වැනි අන්තර්ජාතික
සංවිධානය වන්නේ ද යුරෝපා සංගමයයි.
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment