සෞදි
අරාබිය බලා ගිය සීගිරිය, බටුයායේ පදිංචි වී සිටි එම්.සමන්ති මහත්මියගේ
සිරුර සීල් තැබූ පෙට්ටියකින් ඊයේ (29) සවස බටුයායට ගෙනැවිත් තිබෙන අතර ඇය
රට යැවූ උප ඒජන්තකරු පවසන්නේ සමන්ති නිරුපද්‍රිතව තවමත් රියාද්වල සිටින බව
පවසයි. මෙම සිද්ධිය වාර්ථා වන්නේ මෙසේය. සීගිරිය, බටුයායේ
පදිංචි එම්.සමන්ති (34) එක්දරු මවකි. ඇයත් , ඇගේ සැමියා වන එම්.ජී. තිලක්
ආරියරත්න හා එවකට දෙහැවිරිදි වියේ පසු වූ පුතුත් ජීවත් වූයේ කුඩා නිවසක
බොහෝ අගහිඟකම් මැදය. අළුතින් නිවසක් සාදා ගැනීමත්,දරුවාගේ අනාගතය
වෙනුවෙනුත් සමන්ති 2008 අගොස්තු 03 වැනිදා සෞදියේ රැකියාවක් ලැබ එහි ගියාය.
එසේ ඇය විදෙස්ගත වූයේ විදේශ රැකියා කාර්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් හරහා
වීම මෙහි විශේෂයයි. සෞදියට ගිය සමන්ති මුල් මාස තුනේ දී දුරකතනයෙන්
සැමියා සමග කතා කළාය. ඉන් අනතුරුව ඇය ගැන කිසිදු තොරතුරක් නොවූයෙන් සැමියා
වූ තිලක් ආරියරත්න රැකියා නියෝජිතයා හමුවන්නට ගොස් බිරිඳගෙන් ආරංචියක්
නැතැයි කීවේය. විදෙස් රැකියා කාර්‍යංශයට වරින්වර ගොස් බිරිඳගෙන් ආරංචියක්
නැතැයි පැවසුවේය. කිසිදු පිළිසරණක් නැතිව මෙසේ කාලය ගෙවී ගියේය. 2012
අගොස්තු මාසයේ 18 වැනිදා විදෙස් රැකියා කාර්‍යංශයෙන් තිලක් ආරියරත්න නමට
ලිපියක් ආවේය. එහි සඳහන් වූයේ ඔහුගේ බිරිඳ වන එම්.සමන්ති රියාද්වල මියගොස්
සිටින බවයි. මළ සිරුර කඩිනමින් ගෙන්වා දෙන බවත් එම ලිපියේ සඳහන් විය.
සැමියා
සිය බිරිඳගේ මළ සිරුර අද එයි , හෙට එයි කියා බලා සිටියේය. එහෙත් එවැන්නක්
ආවේ නැත. නොවැම්බර් 11 වැනිදා විදේශ රැකියා කාර්‍යංහයෙන් තවත් ලිපියක්
ආවේය. එහි සඳහන් වූයේ “ඔබගේ බිරිඳ යළි ලංකාවට පැමිණි සිටී. ඒ අනුව ඇය සොයා
ගැනීමට අදාළ ලිපි ගොනුව වසා දමන බව” කි. බිරිඳ මියගිය බව මුලින් පැවසූ
කාර්‍යංශය දැන් පවසන්නේ බිරිඳ ලංකාවට පැමිණ සිටින බවකි. ඇය ලංකාවට ආ බව
කාර්‍යංශය කියන නමුත් ඇය සීගිරිය,බටුයායේ පිහිටි නිවසට ආවේ නැත. ඒ නිසා
සැමියා, සමන්ති සොයා ඥාති හිතමිත්‍රාදීන්ගේ ගෙවල් දොරවල්වලට ගෑටුවේය. එහෙත්
සමන්ති ගැන කිසිම ආරංචියක් ඔහුට ලැබුණේ නැත.
මේ
අතර පසුගිය නොවැම්බර් 20 වැනිදා යළි විදේශ රැකියා කාර්‍යංශයෙන් තිලක්
ආරියරත්න නමට ලිපියක් ආවේය. “කාර්‍යංශයට වරදක් වූ බවත්, බිරිඳ මියගොස් ඇති
බවත්, සිදු වූ වරදට සමාවන ලෙසත් එම ලිපියේ සඳහන් විය. ඒ අනුව කළ කැඳවීමක්
නිසා ඊයේ (29) කොළඹට පැමිණි තිලක් ආරියරත්නට තමන්ගේ බිරිඳ බව සඳහන් සීල්
තබන ලද පෙට්ටියක බහා සිරුරක් ලැබිණ. එම සිරුර පිළිබඳ පශ්චාත් මරණ
පරීක්ෂණයක් කොළඹදී සිදුකර ඇතත් එම පරීක්ෂණයේ වාර්ථාවක් ආරියරත්න අතට ලැබුණේ
නැත. ඔහුට ලැබුණේ සෞදියේ දී කළ මරණ පරීක්ෂණ වාර්ථාවයි. එම වාර්ථාව අනුව
සමන්ති මියගොස් ඇත්තේ විසක් ශරීරගත වීමෙනි. කෙසේ වෙතත් විදෙස් රුකියා
කාර්‍යංශයෙන් කිසිම දීමනාවක් නොලබා සමන්තිගේ දේහය කොළඹ සිට සිගිරිය ,
බටුයායට රැගෙන එන්නට ආරියරත්නට සිදුවිය.
බටුයායට
දෙන රැගෙන ආවද එය ඔහුගේ නිවසේ තබන්නට බැරි විය. හේතුව එම නිවස ඒ තරම් කුඩා
එකක් වීමය. ඒ නිස බටුයායේ පිහිටි ඥාතියකුගේ නිවසේ සිය බිරිඳගේ දෙන තබා
සත් හැවිරිදි දරුවා සමග හූල්ලමින් ඒ දෙස බලා සිටින්නට ආරියරත්න මහතාට
සිදුවිය. මේ වනවිටත් (නොවැම්බර් 30 වැනිදා) එම දේහය ඇත්තේ එම නිවසේ ය. මේ
අතරේ තිලක් ආරියරත්න මහතා සිය බිරිඳ රට යැවූ මාතලේ ඇල්ලේපොළ පදිංචි උප
රැකියා නියෝජිතයාගෙන් සිය බිරිඳට සිදු වූ ඉරණම ගැන විමසා ඇත. එහිදී ඔහු දී
ඇත්තේ අපූරු පිළිතුරකි. “සමන්ති මැරිලා නෑ. එයා කිසිම කරදරයක් නැතිව
රියාද්වල ඉන්නවා.අපි එයාව ගෙනල්ලා දෙන්නම්” යනුවෙනි.
ප්‍රවෘත්තිය සහ ජායාරූප - අශෝක එරමිණිගම්මන (දඹුල්ල)
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment