Photobucket

Saturday, December 1, 2012

ත්‍රීවිල් රථ රියැදුරන්ගේ උද්ඝෝෂණයට නීතිඥවරුන්ගෙන් මැර ප්‍රහාරයක්

ත්‍රිරෝද රථ සංගමයේ ලේකම්ට පහර දී නීතිඥවරු පලායති
NGO ඩොලර්වලට අධිකරණයේ ස්වාධීනත්වය පාවා දෙන්න එපා

සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය පැවැත්වූ සාමකාමී ත්‍රිරෝද රථ පෙරහර ගමන් ගත් ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ සංගමයේ ලේකම්ට ඊයේ (30) මහාධිකරණය ඉදිරිපිට දී නීතිඥවරු පිරිසක් පහර දී පලා ගොස් තිබේ. 

කොටුව ප්‍රදේශයෙන් ආරම්භ වී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය හරහා ගමන් ගත් Qර් – 5693 දරන ත්‍රිරෝද රථයේ ගමන් ගත් ලේකම් රෝහණ පෙරේරා මහතා ත්‍රිරෝද රථයෙන් එළියට ඇද පහර දුන් නීතිඥවරු රථයට ද අලාභ සිදුකැර පලා ගොස් තිබේ.

මෙම පහරදීමෙන් ඔහුගේ ගෙල බැඳි රන් දම්වැල ද කඩා වැටී තිබුණු අතර ඔහුගේ කමිසය ද ඉරා දමා තිබූ අයුරු දක්නට ලැබිණ.  මහාධිකරණය ඉදිරිපිටදී තමාට පහර දුන් නීතිඥවරු පිටුපස ත්‍රිරෝද රථ රියැදුරන් දිවගිය ද ඔවුන් අධිකරණය දෙසට පලාගොස් සැඟවුණු බවට ලේකම්වරයා අප සමඟ පැවසීය. 

සිය ත්‍රිරෝද රථය සාමකාමීව උද්ඝෝෂණයට සහභාගි වෙමින් රිය පෙළහරේ ගමන් ගන්නා විට එක විටම එම ස්ථානයට පැමිණි නීතිඥවරු හතරදෙනකු “තොපි ආණ්ඩුවට කඩේ යනවාදැයි” අසමින් තමාට පහර දී ත්‍රිරෝද රථයට ද අලාභහානි කරමින් මහාධිකරණය දෙසට දිවගිය බවට රෝහණ පෙරේරා මහාත සඳහන් කෙළේය. 

මෙම අවස්ථාවේදී සාමකාමී ත්‍රිරෝද රථ පෙළහරේ රියැදුරන් හා නීතිඥවරු විටින් විට අධිකරණ සංකීර්ණය අසල දී දැඩි වාග් ප්‍රහාරයන් හුවමාරු කැරගන්නා අවස්ථා ද දක්නට ලැබිණි. මෙයට අමතරව මෙම අවස්ථාවට ආරක්‍ෂාව ලබා දීමට පැමිණි ඉහළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කරමින් නීතිඥවරු ඔවුන් සමඟ ද විවිධ වාදයන්ට පැටලුණහ. 

මෙහිදී පොලිස් උසස් නිලධාරීන් පවසා සිටියේ නීතිඥවරුන්ට පසුගිය දිනකදී මිනිපෙට්ටි පිළිස්සීමට අවසර දුන් ආකාරයටම ත්‍රිරෝද රථ රියැදුරන්ට ද සාමකාමීව උද්ඝෝෂණයේ යෙදීමට අවස්ථාව ලබා දී ඇති බවය. මෙම අවස්ථාවට සහභාගි වූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා පැවැසුවේ “අපි අධිකරණයට ගරු කරනවා. එය දෙවඟනක් හා සමානයි. 

ඒ වගේම අධිකරණයට අපි බයයි. අගවිනිසුරුවරියට විරුද්ධව දැනුදු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පරීක්‍ෂණයක් පවත්වනවා. එම පරීක්‍ෂණය අවසන් වන තෙක් ඇය සිය ධුරයෙන් ඉවත් වීම ගෞරවාන්විතයි. ඇය වටා එන්. ජී. ඕ. කාරයින් ඉන්නවා. ඔවුන් හදන්නේ රට විකිණීමටයි” යනුවෙන් පැවසීය.

තවද එන්. ජී. ඕ. සමඟ එක්ව රට විකුණන්න එපා යැයි අප අගවිනිසුරුවරියගෙන් ඉල්ලා සිටින බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ධර්මසේන මහතා පැවසුවේය. ලැජ්ජයි, ඩොලර් කුට්ටිවලට අධිකරණය යට නොකරනු ආදී දැන්වීම් පුවරු සිය ත්‍රිරෝද රථයන්හි ප්‍රදර්ශනය කරමින් ත්‍රිරෝද රථ හිමියන්ගේ පෙළපාලිය අලුත්කඩේ අධිකරණ සංකීර්ණය හරහා ටවුන්හෝල් දෙසට ගමන් කරනු දක්නට ලැබිණ.

සිරන්ජනි කුමාරි
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all