Photobucket

Thursday, December 20, 2012

ආජන්ටිනාවේ පූජනීය කන්දට නැගීම තෙදිනක් තහනම්

සමූහ සිය දිවිනසා ගැනීම් පිළිබඳ බියක් 

ආර්ජන්ටිනාවේ සංචාරක ආකර්ෂණයක් ‍ලෙසින් සැලකෙන කන්දකට පිවිසීම දෙසැම්බර් 20- 22 දක්වා ම බලධාරින් විසින් තහනම් කර තිබේ. ඒ හෙට දිනයේ ලෝක විනාශය සිදුවන්නේ යැයි සලකන ප්‍රාදේශිය ගැමි ජනතාව මේ කන්දේදී සමූහ සිය දිවි නසා ගැන්මක් සිදුකරගනු ඇතැයි සැලකී ඇති බැවිනි. 

භාවනායෝගීව සිටීමට හා පිට සක්වල යානා දක්නට හැකි වෙතැයි සැලකෙන මධ්‍ය කෝඩෝවා පළාතේ පිහිටි මීටර් 2000 ක් උස යුරිටෝකෝ නම් මෙම කන්ද ආර්ජන්ටිනාවේ ආදිවාසින්ගේ පූජනීය භුමියක් ලෙස සැලකේ. 

එහෙත් මේ කන්ද තරණය කොට දෙසැම්බර් 21 දා අධ්‍යාත්මික සිය දිවි නසාගැන්මක් සිදුකර ගැන්ම සඳහා ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශිත ආයාචනයක් හේතු කොටගෙන එවැන්නකට ගැමි ජනතාව පෙළ‍ඹෙතැයි බියෙන් එම කන්ද අයත් නගරයේ නගරාධිපති ගුස්ටාවෝ සෙස් විසින් එම දිනවල කඳු තරණය තහනම් කර තිබේ. 

මායාවරුන්ගේ පුරෝකතනය විකෘති කිරීමෙන් සිදුවිය හැකි විනාශයක් වලකා ගැන්ම ට මේ තීරණයට එළඹි බව ඔහු කියා ඇත. මේ කඳු ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් බැවින් ‍එහි‍ පවත්නා හෝටල් හා නේවාසිකස්තාන වලට නත්තල් සමයේ සංචාරකයන් පිරීම සාමන්‍ය යෙන් සිදුවන්නක් නමුදු ‍මේ දින කීපයේදී මුදල් ගැන නොසිතා ඒවායේ ජනයා රොක්වීම වැලැක්විමට ඒවා වසා දමන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා ඇත. 

21 දා ලෝක විනාශ දිනය ලෙස බොහෝදෙනා වරදවා වටහා ගෙන ඇතැයි පවසන ඔහු එය තවත් නවයුගයක ආරම්භයක් පමණක් බව කියා තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all