Photobucket

Thursday, December 6, 2012

බංග්ලාදේශයේ ඉස්ලාමිය පක්ෂයත් ආරක්ෂක හමුදාවත් අතර ගැටුම්

බංග්ලාදේශයේ ප්‍රබලම ඉස්ලාමිය පක්ෂය සහ ආරක්ෂක හමුදා අතර පෙරේදා රට පුරා ඇතිවු ගැටුම් වලින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි . ජමාට් ඊ- ඉස්ලාම් පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය දැක්විමට එම පක්ෂය වැඩ වර්ජනයක් කැඳවා තිබිණි. 
වසර 1971දී විමුක්ති අරගලයේ දී මෙම නායකයන් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ඉදිරිපත් වි තිබේ. චිරිබන්ඩාර් නගරයේ පැවති ගැටුමකින් 18 හැවිරිදි තරුණයෙක් මිය යාමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය රට පුරා ව්‍යාප්ත වි තිබේ. 

ගැටුම් අතරවාරයේ දී ජමාට් ආධාකරුවන් ඩැකාහි අමෙරිකන් තානාපති කාර්යාලයට අයත් වාහනයක් ඇතුළුව වාහන 20ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ . ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගි වු පුද්ගලයන් 69දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වි තිබේ.

ඩකා හි දි - ඒ - එෆ් -පි
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all