Photobucket

Thursday, December 6, 2012

උතුරු කොරියාවේ ඔත්තුකරුවකුට දකුණු කොරියාවෙන් සිරදඬුවම්

වරදකරුවකු ලෙස ප්‍රකාශිත උතුරු කොරියානු ඔත්තු කරුවකුට දකුණු කොරියාව ඊයේ සිවු අවුරුදු සිර දඬුවමක් පැමිණවීය .

මේ ඔත්තුකරුවා උතුරු කොරියාවේ අභාවප්‍රාප්ත හිටපු නායක කිම් ජොන් ඉල්ගේ වැඩිමල් පුතුට ශාරීරික හානි පමුණු වීමේ ප්‍රයත්නයට සහාය වූවකු ලෙස සැලකී තිබේ.

මේ නිර්නාමික ඔත්තුකරුවා සරණාගතයකු ගේ ව්‍යාජයෙන් ඉකුත් මාර්තු මාසයේ දකුණු කොරියාවට පැමිණ තිබුණේ චිනය හරහා බව අධිකරණයේ දී කියැවිණ.

ආරක්ෂක බලධාරීන් ප්‍රශ්න කිරීමේ දී ඔහු, 2010 දී චීනයේ දී කිම් ජොන් ඉල්ගේ පුත් කිම් ‍ජොන් නෑම් රිය අනතුරකට භාජනය කිරීමට සැලසුම් කිරීමේ කොටස් කරුවකු වූ බවට පාපෝචචාරණය කර ඇත.

තවද දස වසරක් තිස්සේ ඔහු චීනයේ රහස් ‍ඒජන්තවරයකු ලෙස කටයුතු කළ බවත් එහිදී කිම් ජොන් නෑම්ට ශාරීරික හානි පමුණුවා ඔහු සියරටට ගෙනඒමේ මෙහෙයුම පැවරී තිබුණු බවත් වැඩි දුරටත් කියා ඇත. ඒ අනුව ටැක්සියක් හප්පා ඔහුට තුවාල සිදුකිරීමට දරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ වු බව ඔත්තු කරු පවසා ඇත.

සියොල් -ඒ එ‍ෆ් පි
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all