හලාවත බස් එක ගංවතුරට ගසාගෙන යාම
“මෙහෙම වතුරක්. මේ වතුර කොහෙන්ද එන්නේ. මේ පසුගියදා හලාවත ප්‍රදේශවාසින්ට ඇතුවූ ප්‍රධාන ප්‍රශ්නයයි. දින දෙකක් පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව අවසානයේ හලාවත මැතිවරණ බල ප්‍රදේශය මුළුමනින්ම වාගේ ජලයෙන් යටවිණි.
දැදුරුඔය පිටාර ගැලීම 18 පස්වරුවේ ආරම්භ වූවත් එය බරපතළ ලෙස සිදුවූයේ 19 අලුයම වන්නටය. 19 වන දිනට හිරු උදාවෙද්දි හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගය ස්ථාන කීපයක්ම සම්පූර්ණයෙන් ජලයෙන් යට විණි. මේ තත්ත්වයත් සමඟ පුත්තලම දෙසින් පැමිණෙන වාහන බංගදෙණිය ලුණුඔය ප්‍රදේශයෙදිත් හලාවත සිට පැමිණෙන වාහන ජයබිම ප්‍රදේශයේදිත් නතර කර හරවා යැවමට පොලිසිය ත්‍රිවිධ හමුදාව පියවර ගන්නා ලදි.
එහෙත් පොලිස් අණද නොතකමින්
වව්නියාවේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක් මේ මහා ජල කඳ තරණය කිරීමට
තීරණය කළේ මගීන්ගේ අවශ්‍යතාව නිසා ද රුපියල් සත නිසා ද යන්න දන්නේ රියදුරු පමණි.
ජලකඳට බස් රථය දමා ධාවනය කළත් රියදුරුට බස් රථය පාලනය කර ගත හැකි වූයේ සුළු මොහොතක්
පමණි. එකවර බස් රථය ජල පහරට අසු විය. රියදුරුට දෙවියන් සිහිවිණි. ජල පහරට අසුවූ බස්
රථය අසල බෝක්කුවකට බර විය. මේ වන විට වේලාව පෙරවරු 7.40 යි. මේ බස් රථයේ මගීන් 72
ක් ඉන්නවා. මගීන්ගේ ජීවිත ගලවා ගන්න සහය දෙන්න හලාවත පොලිසිය සියලු අංශ දැනුවත් කරන
ලදී. ප්‍රදේශවාසින් පොලිසිය එක්ව මුලින්ම කඹ යොදා ගනිමින් බස් රථය ආසන්නයට යාමට
උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක විණි.
බියට පත් මගීන් බස් රථයෙන් බැසීමට මෙහිදී
සූදානම් විණි. පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව එම තත්වය පාලනය කළේ මගීන් අඩු වුවහොත්
බස් රථය ගසා ගෙන යාමේ තත්වයක් උදා වෙන බැවිනි. කාලය ඉක්මනින් ගෙවී යන අතර ජල පහර ද
එන්න එන්නම වැඩි වෙන තත්වයක් දකින්න ලැබිණි. මෙලෙස පැය දෙකක කාලයක් ඉක්ම යාමෙන් පසු
නාවික හමුදාවේ යානාවක් මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමට එක් විය. ගත වූයේ සුළු මොහොතකි.
යාත්‍රාවට වූ දෙයක් සිතා ගැනීමට නොහැකි විය.
අනතුරට පත්වූ යාත්‍රාව එක් ප්‍රදේශයකට
ගසාගෙන යද්දි නාවික භටයන් පිහිනා ;ගාස් අසල ඇති ගස් කීපයකට පැන ගන්නා ලදි. මේ
සිදුවීමත් සමඟ කිසිවකු මේ ස්ථානයට ළං වීමට මැලි විය. මේ අවස්ථාවේදි බස් රථයේ සිටි
මගීන්ට ඇතිවූ තත්වය සිතා ගැනීමට ඔබට භාර කරමි. වේලාව 10.30 පමණ වන විට කඹයක
ආධාරයෙන් බස් රථය ආසන්නයට යාමට මා හට හැකි විය. කැමරාවක් ගෙන ගිය මේ ගමන ඉතා
අවදානම් වූ අතර අවස්ථා කිහිපයකදීම කඹයෙන් අත ගැලවීයාමට යන ලදි. අවසානයේ ගසක එල්ලී
ඡායාරූප ගැනීමට සිදුවිය.
මේ අවස්ථාවේදි හලාවත පොලිසිය, ප්‍රදේශවාසින් හා නාවිත
හමුදාව එක්ව ආපදා රථයක් ගෙන එන ලදි. මේ ආපදා රථයේ දොඹකරයේ 20 ක පමණ පිරිසක් සිටි
අතර මෙහි ගෙනා යකඩ දම්වැල් කීපයක් බස් රථයේ ස්ථාන කීපයකට වැටිණි.
සියලු දෙනාම දෙවියන්ට කියන්න ආපදා රථයේ රියදුරුගේ ඉල්ලීමයි. මේ හරි.. හරි... මේ
අපදා රථයේ සහයකගේ අණයි. මිනිත්තු දහයක පමණ මෙහෙයුමකින් පසු ජීවිත 74ක් ගලවා ගැනීමට
පිරිසට හැකිවිය. අවසානයේ බස් රථය පොලිසියට භාර කැරිණි.
මෙහි රියැදුරු ලෙස කටයුතු කළ රොමේෂ් අසංක හා සහායකයා වූ මේඝ ප්‍රභාත්ටත් කාගෙත්
ප්‍රශංසාව හිමි විය.
0 comments:
Post a Comment