Photobucket

Sunday, December 30, 2012

පානදුරේදී ගිලුණු නැව ලක්‍ෂ 78 ක්‌ ගිල ගනී

පානදුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ගිලී මුහුදුබත් වූ සයිප්‍රස්‌ රජයට අයත් "තර්මොපයිලේ සේරා නමැති නෞකාවෙන් ගොඩබාගන්නා ලද දැවි තෙල් මෙටි්‍රක්‌ ටොන් 370 ක්‌ විකිණීමේදී අඩු මිලකට ටෙන්ඩරය ලබා දීමෙන් රජයට රුපියල් හැත්තෑඅට ලක්‍ෂයක පමණ අලාභයක්‌ සිදුවී ඇතැයි වාර්තා වේ.

පළමු ටෙන්ඩරය අවලංගු කර දෙවැනි ටෙන්ඩරයකදී නව ගැනුම්කරුවකු ඇතුළත් කිරීම මගින් අඩු මිලකට ටෙන්ඩරය ලබාදීම, පළමු ටෙන්ඩරයේ සිට මාස හයක්‌ යනතුරු ගැනුම්කරුවන්ට තෙල් තොගය ලබා නොදී ගබඩා කර තබාගැනීම සහ ගබඩා කුලිය වශයෙන් මුදල් ගෙවීම යනාදී කටයුතු හේතුවෙන් මෙලෙස රජයට අලාභයක්‌ සිදුකර ඇතැයි වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව මෙටි්‍රක්‌ ටොන් 370 ක සම්පූර්ණ තෙල් තොගයම දැවි තෙල් බව ද ඉන් මෙටි්‍රක්‌ ටොන් 250 ක ප්‍රමාණයක්‌ ඉන්ධන වශයෙන් හඳුන්වා නව තෙල් ගැනුම්කරුවාට රේගු බදු වංචාවකට අවස්‌ථාව උදා කර දී ඇතැයි ද එම ආරංචි මාර්ග "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මේ පිළිබඳව වහාම ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සිදුකර සත්‍ය හෙළිදරව් කරන ලෙස ද වරාය සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all