1974 දෙසැම්බර් මස 04 වැනිදා ඉන්දුනිසීයාවේ
ශ්‍රී ලංකාව හරහා යමින් තිබූ මාටින්එයාර් නැමැති ගුවන් යානාව
මස් කෙළිය ආසන්නයේ සප්තකන්‍යා කඳුවැටියේ ගැටී විනාශ විය. මෙම
යානාවේ මක්‌කම බලා යමින් සිටි මගීන් 182 ක් සහ කාර්ය මණ්‌ඩලයේ
9 දෙනෙකුද සිටි බව හෙළි විය. එකල ජංගම දුරකථන හෝ රූපවාහිනී
නාලිකා හෝ එµa. එම්. නාලිකා තිබුණේ නැත. කොටින්ම කිව හොත්
මස්‌කෙළියේ සිට කොළඹට ඇමතීමට නම් දුරකථන ක්‍රියාකරුවකුගේ සහය
ලබාගත යුතුව තිබුණි. නෝටන් බීඡ් තැපැල් හලේ සිට කොළඹට මේ
සිද්ධිය වාර්තා කිරීමට සෑහෙන වෙලාවක් ගත කිරීමට ද සිදු විය.
මේ යානාව කාර්මික දෝෂයකින් කඩා වැටුණු බවට වාර්තා වූවත් ඇත්ත
වශයෙන්ම සිදු වූයේ කුමක්‌ද? යානාවේ නියමුවා ඵල පුරුදු ඕලන්ද
ජාතිකයෙකු වන හෙන්රික් ලැම්මේයි මෙම යානාව ශ්‍රී ලංකාවේ අහස්
තලයට පිවිසීමෙන් පසු කටුනායක ගුවන් පාලම මැදිරිය විසින් එය
ගමන් කළ යුතු මාර්ගය ද දක්‌වා ඇත.
දැන් මෙන් නොව එකල නිසි රේඩාර් පද්ධතියක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලක මධ්‍යස්‌ථානයට නොතිබුණි. දැන් නම් පිඳුරුතලාගල කන්දේ අධිතාක්‍ෂණික තොම්සන් රේඩාර් පද්ධතියක් තිබේ. මෙහිදී වාර්තා වූයේ යානාවේ නියමුවා ලක්‍ෂපාන විදුලිබල මධ්‍යස්‌ථානයේ ආලෝක පහන් කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථයේ පහන් යෑයි සිතමින් යානාව පහලට ගෙන ඒමේදී එය සප්තකන්‍යා කඳු මුදුනේ ගැටී ඇති බවයි.
එහෙත් නිල නොවන ආරංචිමාර්ග කියන්නේ යානාව ගමන් කළ මාර්ගයේදී ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලක මැදිරිය එයට පහළ බැසිය යුතු අඩි ප්‍රමාණය දක්‌වා තිබූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධ නිසි ලෙස පරීක්‍ෂණ නොපැවැත්වූ බවට වාර්තා වේ. මාටින්එයාර් ගුවන් යානාව සප්තකන්‍යා කඳු වැටියේ ගැටුනේ රාත්‍රීයේදීය. මේ නිසා එකල ශ්‍රී ලංකා යුධ හමුදාවට කඳු නැගීමේ කණ්‌ඩායමක් නොතිබීම හා අවශ්‍ය උපාංග නොතිබීමෙන් ජීවිතාරක්‍ෂක කටයුතු ආරම්භ වුයේ පසුවදායි. මෙම යානාව ගැටුනු ස්‌ථානයට යාම පවා දුෂ්කර විය. එහෙත් පසුව වාර්තා වූයේ හුළු අතු පත්තුකරගත් පිරිස් කැලෑ මාර්ගයෙන් එම යානාවේ සුන් බුන් වැටී තිබූ ස්‌ථානයට පැමිණි බවයි.
මාටින්එයාර් යානාවේ මගීන්ගේ මළ සිරුරු රැසක් සප්තකන්‍යා
දෙබොක්‌කාවට වැටී තිබුණි. මෙය බැලීමට ගිය පුද්ගලයෙක්‌ද පය
ලිස්‌සා එම දෙබොක්‌කාවට වැටී මරුමුවට පත් විය. සොයා ගත් සිරුරු
රැසක් සප්තකන්‍යා කඳු වැටිය සමීපයේදී ඉස්‌ලාමීය ආගමික
චාරිත්‍ර මත මිහිදන් කරනු ලැබීය. මෙහිදී එක් ගුවන් සේවිකාවගේ
මළ සිරුරක් පමණක් සොයා ගැනීමට හැකි වූ අතර එය ඕලන්දය වෙත ගෙන
යනු ලැබීය. මෙයට වසර 38 පෙර සිදු වූ මෙම ගුවන් අනතුර සම්බන්ධව
නිසි තොරතුරු මාධ්‍යවල පළ වූයේ දවස් කීපයකට පසුවය. µeක්‌ස්
පණිවිඩ හෝ වෙනත් පහසුකම් නොතිබීම නිසා මෙම යානාව විපතට පත්වීම
ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදීන් සුළු කණ්‌ඩායමකට විවිධ
දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය.
මාටින්එයාර් යානාව විපතට පත් වීම සම්බන්ධව තොරතුරු වාර්තා කිරීමට ශ්්‍රS ලංකාවට පැමිsණි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක් කුලියට කුඩා ගුවන් යානාවක් ලබා ගෙන එම ගුවන්යානාවෙන් මස්‌කෙළිය ප්‍රදේශයට යාමට දැරූ උත්සාහයද එකළ රජය විසින් ව්‍යාර්ථ කරනු ලැබීය. මේ යානාව විපතට පත් වීම සම්බන්දයෙන් පරීක්‍ෂණයක් පැවැත් වූ අතර එහිදී කියෑවුණේ නියමුවාගේ දෝෂයකින් යානාව පහත් කිරීමෙන් සප්තකන්‍යා කඳු මුදුනේ ගැටුණු බවයි. සප්තකන්‍යා කඳු මුදුන අඩි 4355 වූවත් යානාව අඩි 2000 ක් දක්‌වා පහතට පැමිණ තිබූ බව වාර්තා වේ. මැක්‌ඩොනල්ඩ් ඩග්ලස් ඩී. සී. 8 වර්ගයේ මෙකී යානාව මස්‌කෙළිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ අලුයම 10.15 යෑයි වාර්තා විය.
ඉන්දුනිසියාවේ සුරබයා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලංකාව ඔස්‌සේ මක්‌කම බලා යමින් තිබූ මේ යානාවේ කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බව වාර්තා විය. එසේ නම් සිදු වී ඇත්තේ යානාව කන්දේ ගැටී විනාශ වූ බවයි. මෙයට වගකිව යුත්තේ කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියද? එම මැදිරියෙන් ලැබුණු උපදෙස් ඕලන්ද නියමුවා විසින් වැරදියට තේරුම්ගත්තේද යන්න ගැන මෙතෙක් හෙළි වී නැත. මාටින්එයාර් සමාගමෙන් හා මැක්‌ඩොනල්ඩ් ඩග්ලස් සමාගමෙන්ද කණ්‌ඩායමක් පැමිණ යානාව අනතුරට පත් වූයේ කෙසේ දැයි පරීක්‍ෂණ පවත්වා ඇත. දින කීපයකට පසු වාර්තා වූයේ මස්‌කෙළිය ප්‍රදේශයේ කැලෑපාරවල් ගැන දන්නා සමහරු රාත්‍රීයේම යානාවේ සුන්බුන්ව තිබූ ස්‌ථානයට පැමිණ බඩු බාහිර ආදිය සුද්ද කළ බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් සප්තකන්‍යා කඳු මුදුණ සමීපයට
ලක් වී ඇත්තේ පසුදා දහවල් ය. ඒ වන විට ඇතැම් පිරිස් එම
ස්‌ථානයට පැමිණ ආපසු පිටව ගොස් තිබූ බවට සලකුණු සටන් වී තිබේ.
කෙසේ වෙතත් මේ යානාව විපතට පත් වීමට මුල් වූ හේතූන් අද වන තුරු
අනාවරණය වී නැත. මාටින්එයාර් සමාගම පැවසූවේ ගුවන් නියමු ගුවන්
නියමු ලැම්මේ කීප විටක්‌ම ශ්‍රී ලංකාවට පැමිණ ඇති දක්‍ෂ
නියමුවකු බවත් ඔහුට ලක්‍ෂපාන විදුලි බලාගාරය සහ කටුනායක
ගුවන්තොටුපල හඳුනාගැනීමේ හැකියාවක් තිබූ බවයි. මේ නිසා මෙම
ගුවන් අනතුර සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු විය. මෙම අනතුරින්
මිය ගිය මගීන් සම්බන්ධයෙන් සප්තකන්‍යා කඳුවැටියේ ස්‌මාරකයක්‌ද
ගොඩනගා තිබේ. යානාවේ රෝදයක් නෝට්‌න් බ්‍රිඡ්හි තැපැල්
කන්තෝරුව සමීපයෙහි තිබියදී සොයා ගනු ලැබීය. මේ රෝදය දැන්
නොට්‌න් බ්‍රිඡ්හි ඉන්දන පිරවුම් හලක් සමීපයෙහි ස්‌ථාන ගත කර
තිබේ.
අඩි 35000 ක් උඩින් ගමන් කළ මාටින්එයාර් යානාවට අඩි 2000 දක්‌වා පහත බැසීමට උපදෙස් දුන්නේ කවුද යෑයි මෙතෙක් වාර්තා වී නැත. යානාවේ නියමු හෙන්රික් ලැම්මේ කටුනායකට කීපවරක්‌ම පැමිණි නියමුවෙක් නම් ඔහු සප්තකන්‍යා කඳු වැටිය අසලදී යානාව පහත් කළේ මන්ද යයි තේරුම්ගත නොහැක. පියාසර අංක 138 යටතේ ඉන්දුනිසියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්‌සේ ගමන් කරමින් තිබූ මෙම යානාව සප්තකන්‍යා කඳුවැටියේ ගැටීම විශාල අභිරහසකි.
එය කටුනායක ගුවන් තොටුපලේ නතර කර එතැන් සිට සවුදි ආරාබියාවේ ඡේඩා ගුවන්තොටුපල බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. එහෙත් අනපේක්‍ෂිත අන්දමින් යානාව සප්තකන්‍යා කඳු මුදුනේ ගැටුණි. මාස කීපයට පසු ඕලන්ද බලධාරීන් පැවසූවේ යානාව අවශ්‍ය ප්‍රමානයටත් වඩා පහතට බැස්‌සීමෙන් කඳුවැටියේ ගැටී ඇති බවයි. වසර 38 පෙර සිදු වූ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතාද පැතිර ගියේය. එකළ අධිතාක්‍ෂණික ගුවන් පාලන මැදිරියක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත. කෙසේ වෙතත් මේ ගුවන් අනතුරට සම්බන්ධ තොරතුරු රැසක් වසන් විය. ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවෙන්ද ගැලවුණි.
කොළඹට පියාසර සැතපුම් 130 කට ඈතදී මේ යානාව පැමිණෙන අවස්‌ථ

දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment