Photobucket

Wednesday, December 26, 2012

අනුරාධපුරේ සහ ‍පොළොන්නරුවේ කුඹුරු අක්කර 35000ක් වතුරේ

අයහපත් කාලගුණය හේතුවෙන් අනුරාධපුර හා ‍පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැව් 23ක් කැඩී යාම හේතුවෙන් අර්ධ හා පූර්ණ වශයෙන් කුඹුරු අක්කර 35000ක් විනාශ වී ඇති බව ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය. මාස් කන්නයේ මහ වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක මධ්‍ය හා සුළු වැව් 85ක් කැඩී බිඳී විනාශ වී ගොස් ඇති බවත් මේ හේතුවෙන් දිවයිනේ කුඹුරු අක්කර එක් ලක්ෂ හැත්තෑ හය දහස් අසූ පහක් (176085) විනාශ වී ඇති අතර එම කුඹුරු සඳහා බිත්තර වී හා ‍පොහොර නොමිලයේ ලබා දීමට ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශය තීරණය කළ බවද ඒ මහතා පැවැසීය.
 
හොරොව්‍පොතානේ යාං ඔය පිටාර ගැලීමෙන් අවතැන්වූවන්් රඳවා සිටින අඹගම රැඳවුම් කඳවුරට ආධාර බෙදා දීම සඳහා පසුගිය දා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතාගේ ඇරයුමෙන් පැමිණි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ බව අනාවරණය කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 15 කැඩී කුඹුරු අක්කර 15000ක්ද, ‍පොළොන්නරුවේ වැව් 08ක් කැඩී කුඹුරු අක්කර 20000ක්ද, කුරුණෑගල දිස්ත්‍රී්‍රක්කයේ වැව් 02ක් කැඩී කුඹුරු අක්කර 15000ක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 17ක් කැඩී කුඹුරු අක්කර 18000ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 10ක් කැඩී කුඹුරු අක්කර 17250ක් ද, මඩකළපුවේ වැව් 04ක් කැඩී කුඹුරු අක්කර 43000ක් ද, මන්නාරම් දිස්ත්‍රික්කයේ වැව් 02ක් කැඩී කුඹුරු අක්කර 8600ක් ද, මාත‍ලේ දිස්ත්‍රික්කයේ වැව් 12ක් කැඩී කුඹුරු අක්කර 12000ක් ද අර්ධ වශයෙන් හා පූර්ණ වශයෙන් හානි වී ඇති බව දැනට වාර්තා වී ඇති බවත් වැව්වල පිටවාන් කපා වැව් රැසක් බේරා ගැනීමට හැකි වී ඇති බවත් තවමත් ගංවතුර බැස ගොස් නැති බැවින් හානියට පත් වූ කුඹුරු ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all