Photobucket

Monday, November 19, 2012

ඊජිප්තුවේ පාසල් බසයක් දුම්රියක ගැටේ

52ක් මරුට: සිසුන් 47 ඒ අතර
accident

සෙනසුරාදා මධ්‍යම ඊජිප්තුවේ මැන්ෆලුට් හි පාසැල් බස් රථයක් දුම්රියක ගැටිමෙන් පාසැල් සිසුන් 47 දෙනෙක් ඇතුළු 52 දෙදෙනෙක් මිය ගිය බව වාර්තා වේ. මිය ගිය සිසුන් වයස් අවුරුදු 4-12 අය බව සඳහන් වේ . දුම්රිය සංඥා ක්‍රියාකරුට නින්ද ගොස් තිබීම අනතුරට හේතුව බව එරට බලධාරීහු පවසති . මේ නිසා ඔහු ඉල්ලා අස්විය යුතු බවට හඬ නඩමින් ප්‍රබල විරෝධතා මතුව තිබේ .

මේ අනතුර සම්බන්ධයෙන් වරද පිළිගනිමින් ප්‍රවාහන ඇමැති රෂාඩ් අල් -මෙටිනි ඉල්ලා අස්වි තිබේ. ඊජිප්තු ජනාධිපති මෝර්සි මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට රූපවාහිනිය ඔස්සේ සිය ශෝකය පළකර තිබේ .

මේ අනතුර සිදුවි ඇත්තේ කයිරෝ නගරයට කිමී 360ක් පමණ දකුණින් පිහිටි මැන්ෆලූට් දුම්රිය හරස් මාර්ගයේදියි . සාධාරණය ඉටුවන තුරු දුම්රිය මාර්ගය අවුරමින් මාපියන් සහ සිසුන් කරන ප්‍රබල උද්ඝෝෂණ නතර නොකරන බව විරෝධතාකරුවෝ අවධාරණය කර ඇත. ඊජිප්තුවේ දුර්වල ප්‍රවාහන පද්ධතිය සහ ආරක්ෂක විධිවිධාන නිරතුරුවම දෝෂදර්ෂණයට ලක්වී තිබේ .

දිනමිණ ඇසුරින් පල කරන ලදී.
gurugedara
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all