Tuesday, September 22, 2015

‘ලංකාව ගැන පදනම් විරහිත වාර්තාවක් දීලා‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකාව පිළිබඳව පදනම් විරහිත කරුණ මත සකසා ඇතැයිද එම නිර්දේශ ස්වාධීන රටක් වශයෙන් පිළිගත නොහැකි තත්ත්වයක ඇතැයිද මහජන එක්සත් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසූ ගුණවර්ධන මහතා ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන යම් අකටයුතුකම් වෙතොත් ඒවා පරීක්ෂා කර සුදුසු ප්‍රතිකර්ම සැලසීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෘත්තීය දක්ෂතාවයන්ගෙන් යුතු කීර්තිමත් විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්වාධීන අධිකරණ පද්ධතියක් අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවති බව කියා සිටියේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all