Photobucket

Tuesday, September 22, 2015

බුර්කිනා පැසෝ අගමැතිට නිදහස

අත්අඩංගුවේ පසුවූ බටහිර අප්‍රිකානු, බුර්කිනා පැසෝ රාජ්‍යයේ අගමැති අයිසැක් සීඩා (Isaac Zida) නිදහස් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එරට යුද හමුදා ප්‍රධානී ජෙනරාල් පින්ග්‍රේනොමා සාග්‍රේ විසින් ඒ බව තහවුරු කර තිබේ.

ඉකුත් සතියේ දියත් කළ කුමන්ත්‍රණයකින් පසු ජනාධිපති ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.

මේ අතර නිවාස අඩස්සියේ තබා සිටි අන්තර්කාල ජනාධිපති මයිකල් කෆාන්ඩො නිදහස ලබා ඇති බව ද සදහන්.

කුමන්ත්‍රණයේ නායක, ජෙනරාල් ගිල්බර්ට් දිඑන්දරේ ප්‍රකාශයක් කරමින් තමන් පාලන බලය සිවිල් රජය වෙත බාර දෙන බව පවසමින් ජනතාවගෙන් සමාව ඇයද සිටියේය.

එහෙත් එසේ කරනු ලබන්නේ නයිජීරියාවේදී අද, රැස්වෙන බටහිර අප්‍රිකානු නායකයන්, ‘බුර්කිනා පැසෝ’ කුමන්ත්‍රණය සැලසුම් කළ පුද්ගලයන්ට සමාව ලබා දීම ඇතුළත් ගිවිසුමක් අනුමත කළ හොත් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all