ජාතික මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත්ව සිටි අචලා ශාලිකා ඩයස් ක්‍රීඩිකාවට වසර 4ක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය නිර්දේශ කර තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය කරන ලද විනය කමිටු පරීක්ෂණයකින් අනතුරුව එම කමිටුවේ ඒකමතික තීරණය අනුව අදාළ ක්‍රීඩිකාව එම චෝදනාවලට වරදකාරිය බවට පත්කර තිබේ.
ඒ අනුව ලෝක උත්තේජන මර්දන නීති සංග්‍රහයේ 2:1 උප වගන්තියට අදාළ නීති සංග්‍රහයට අනුව මෙම ක්‍රීඩිකාවට එරෙහිව වසර 4ක තරග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සඳහන් කර සිටියේය.
ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පනවනු ලැබූ 2015 නව නීති සංග්‍රහයේ වගන්ති අනුව අදාළ වරද සඳහා උපරිම දඬුවම් කාලය වසර 4ක් ලෙස නිර්දේශ කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව තුළදී එම වසර 4 දඬුවමට යටත් වන පළමු ක්‍රීඩිකාව බවට පත්ව ඇත.
තම ආයතනය විසින් කරනු ලැබූ මෙම නිර්දේශයන් සුදුසු පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත යොමු කරන බවද එහිදී වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
0 comments:
Post a Comment