Photobucket

Saturday, March 9, 2013

මීගමුවේ දැරියකට අතවර කළැයි ලිපිකරු හිරේට

හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට වරදකරු වූ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ලිපිකරුවෙක් යයි කියන අයකුට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක් නියම කළ මීගමුව වැඩබලන මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා රුපියල් 5000ක දඩයක්ද නියම කෙළේය. 

ඊට අමතරව දැරියට වන්දියක් වශයෙන් රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසද විනිසුරුතුමා වැඩිදුරටත් විත්තිකරුට නියෝග කෙළේය. 

විත්තිකරු වත්තල ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ලිපිකරුවෙක් බවත්, දැරිය මෙම මධ්‍යස්ථානයට ගිය විට ලිංගික අතවරයට ගොදුරුවී තිබෙන බවත් නඩු විභාගයේදී අනාවරණය විණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all